27 April 2024
#සංවර්ධන

කළුතර දුම්රියපල පාර වාණිජ සංකීරණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොල 27 වනදා ජනතා අයිතියට

රුපියල් මිලියන 474 ක වියදමින් ඉදිවූ කළුතර දුම්රියපල පාර වාණිජ සංකීරණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොල 27 දින ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ , මහා නගර සංවර්ධන සැලැස්මට අනුව නාගරික සංවර්ධන අධිකාරිය නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරිමේ අරමුණින් ක‍්‍රියාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රතිපාදන, පුර්ණ අධික්‍ෂණය සැලසුම් දායකත්වය යටතේ ඉදිකර තිබේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍ය අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ලක්ෂ්මන් විජේමාන්න, නිශාන්ත වර්ණකුලසුරිය, කලූතර නගරාධිපති එම්. අමීර් නසීර් යන මහත්වරු ඇතුඵ මහජන නියෝජිතයින්ගේ ප‍්‍රධානත්වයෙන් ජනවාරි 27 දින සිදු කිරීමට නියමිතය.

කොළඹ ගාල්ල ප‍්‍රධාන මාර්ගයෙන්ද, මුහුදුබඩ දුම්රිය මාර්ගයෙන්ද, කළු ග‍ඟෙන් වට වී ඇති කළුතර නගරය, කළුතර බෝධින් වහන්සේ වැඩ සිටීමෙන් ඓතිහාසික මෙන්ම සංස්කෘතික වටිනාකමක් කළුතර නගරය ලැබී ඇත. දිනපතා දහස් ගණන් බැතිමතුන් මෙන්ම තම සේවා අවශ්‍යතා සඳහා තදාසන්න ප‍්‍රදේශයන් හි විශාල ප‍්‍රමාණයක් දෛනිකව කළුතර නගරයට ඇදී එති. සරුපසින් යුතු භූමියෙන් බහුල වූ ජල මූලාශ‍්‍රයන්ගෙන් ද ආකර්ෂණීය වෙරළ තීරයකින් සමන්විත කළුතර නගරය බස්නාහිර පළාත් මහානගර සැළසුමට අනුව අතිශය වැදගත් නාගරික බල ප‍්‍රදේශයකි. ඒ අනුව බස්නාහිර මහා නගරය සූදානම් කිරීම උදෙසා නාගරික සංවර්ධන අධිකාරිය සුඛිත පුරවර වැඩසටහන යටතේ කළුතර නගරයේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදි.

කළුතර ගබඩා වීදිය පොදු වෙළඳපොළ රුපියල් මිලියන 186 ක ආයෝජනයකින් කි‍්‍රයාත්මක කරන ලද අතර මෙහි කඩ කාමර 158 කින් සමන්විතය. එසේම දුම්රියපල පාර වාණිජ සංකීර්ණය සඳහා රුපියල් මිලියන 288 ක් වැයකර ඇති අතර මෙහි කඩකාමර 173 කින් සමන්විතය. කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පරිපාලන හා වාණිජ නගරය වන කළුතර නගරය නාගරික, අර්ධ නාගරික හා ගැමි ජීවන රටාවකින් සමන්විත වන අතර කළුතර නාගරික බල ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ට සහ තදාසන්න ග‍්‍රාමීය ප‍්‍රදේශයන් හි ජනතාවට මෙම වාණිජ සංකීර්ණය හා පොදු වෙළෙඳපොලෙන් විශාල සේවයක් සිදුවනු ඇත.

තවද අධික රථවාහන තදබදය, ගහක් කොළක් නොපෙනෙන ලෙස ඉදිවූ ගොඩනැගිලි හේතුවෙන් කලූතර නගරය අතිශය කාර්ය බහුල නගරයක් බවට පත් වී තිබේ. නාගරිකවාසි ජනතාවට විවේකීව නිල්ල පිරිණු පරිසරයක ගත කිරීමේ අවස්ථාව උදාකරමින් නාගරික සංවර්ධන අධිකාරිය ව්‍යාපෘති රැසක් ඉදිකිරීමට සැලසුම් කොට ක‍්‍රියාත්මක කරමින් ඇත. වාහන නැවතුම් පහසුකම්, විවේකී ස්ථාන, ඇවිදීමේ මංතීරු, ප‍්‍රධාන බස්නැවතුම්පලේ සිට දුම්රිය ස්ථානය දක්වා මගී ජනතාවට ආරක්‍ෂිතව ගමන් කළ හැකි මාර්ග ආදි පහසුකම්වලින් පරිපූර්ණ කිරීම සුඛිත පුරවර වැඩසටහනේ ප‍්‍රධාන අරමුණක් වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *