• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

22 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එසේම එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව හෙතමෙ පැවසිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව දෙසැම්බර් 06 වනදා රැස්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ‍” මෙවර අයවැය මැතිවරණ අයවැයක් බවට ඇතැම් අය චෝදනා කර තිබෙනවා. නමුත් දැඩි පීඩනයකට ලක්වූ සමාජයක, සියලූ ප්‍රශ්නවලට උත්තර සෙවීමට සිදුව තිබෙනවා. එහිදී ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්වූ පිරිස් පිළිබඳ සොයා බැලීම අනිවාර්යයක් වනවා. එමෙන්ම ඉදිරියට පැමිණිය හැකි ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් අප විසින් රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙනවා. එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම බදු ආදායම් නොමැතිව හෝ රාජ්‍ය ආදායම් නොමැතිව ඉදිරියට ගිය රටක් නැහැ. අප මේ වගකීම් භාරගන්නා අවස්ථාව වන විට බදු අනුපාතිකය බෙදී ගොස් තිබුණේ වක්‍ර බදු 80%ක් සහ ඍජු බදු 20%ක් ලෙසයි. මේ වන විට අප වක්‍ර බදු අනුපාතිය අඩුකර ඍජු බදු අනුපාතිකය 30% සීමාව ආසන්නයට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම අයවැය හිඟය 05% ක පවත්වා ගත යුතු බවට 2003 අංක 03 දරණ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වගකීම් පනතේ තිබෙනවා. නමුත් එය ප්‍රායෝගික නැහැ. පසුගිය වර්ෂ 20ටම සාපේක්ෂව අයවැය හිඟය 05% ඉලක්කයක පවත්වාගෙන යාමට හැකිවූයේ 2016 සහ 2017 වර්ෂවල පමණයි. එලෙස පවත්වාගෙන යාමට නම් බරපතල ලෙස වියදම් කප්පාදු කොට ආදායම් උපයාගත යුතු වනවා. බිලියන 65ක පැවති ජනතා සුබසාධන වියදම මෙම වසරේ බිලියන 209 දක්වා ඉහළ යනවා. එමෙන්ම ප්‍රායෝගික නැති නීති ප්‍රායෝගිකත්වයට ගෙන ඒමට සහ ඇතැම් නීති සංශෝධන කිරීමට ද අප කටයුතු කරනවා. අක්‍රීය වී තිබූ බදු ආදායම් සක්‍රීය කළයුතු වනවා. ඒ වගේම 8.3%ක පැවති රාජ්‍ය අදායමේ අනුපාතය මෙම වසර අවසානය වන විට 10.1%ක් දක්වා ඉහළ දැමීමට හැකියාව තිබෙනවා. 2024 අයවැය ලේඛනය ක්‍රියාත්මක කිරීමෙන් පසු එම වසර අවසානය වන විට එය 12.3% ක් දක්වා වර්ධනය කරගත හැකියි. කුමන පාර්ශවයක් බලයට පැමිණිය ද රාජ්‍ය ආදායම් වර්ධනයකින් තොරව රටක් පවත්වාගෙන යා නොහැකියි. රාජ්‍ය අස්ථාවරත්වයත් සමඟ පැවති ඉච්ඡාභංගත්වය ඉතා කෙටිකාලයකින් නැති කිරීමට අප කටයුතු කළා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය මත දූෂණ මර්ධන පනත බලගැන්වීමට ද අප කටයුතු කරනවා. ඒ වගේම විද්‍යුත් බදු තොරතුරු එක්රැස් කරගැනීමේ වැඩපිලිවෙළ සහ “රැමිස් 2.0” ව්‍යාපෘතිය මේ වර්ෂය අවසානය වන විට සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වනවා. එමෙන්ම ඉදිරි සති කිහිපය ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වනවා. ලබන දෙසැම්බර් 06 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස් වී අපට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම ද්වී පාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාව සාකච්ඡා කර අවසන් කරගැනීමට ද නියමිතව තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ‍ වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

2024 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්යෙන් සම්මතයි

Next Post

කිතුල් පැණි හා හකුරුවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් – ඇමැති අමරවීර

editor

editor

Next Post

කිතුල් පැණි හා හකුරුවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් - ඇමැති අමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved