• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබන 02 සිට තවත් ගුවන්යානා 10 .. පුළුවන්නම් නවත්වන්න – රුසියානු හිටපු තානාපති උදයංග

31 December 2020
in දේශීය

මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබන 02 වනදා සිට තවත් ගුවන්යානා 10 ක් මත්තලට රැගෙන ඒමට සැළසුම් කර අවසන් බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ඒ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් කියා සිටියේ රටම ෆේල් කියමින් ගැරහුම් කරද්දී, තමාගේ සංකල්පය ගැන විශ්වාසය තැබු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම SkyUp, Ukraine Airlines, TPG Tours, Kompass Tour, JoinUp ආයතනය මෙන්ම අපේ රටට පැමිණි සියලු යුක්රේනියානුවන්ට සිය ස්තුතිය පුදකරන බවයි.
එසේම රටේ දිනකට කොරෝනා ආසාදිතයින් 500 ක් සොයාගන්නා කාලයක යුක්රේනියානුවන් 5 දෙනෙක් යනු ජෙප්පන් ට මෙන්ම හිටං හුටං කරන සරදමක් බව හෙතෙම පවසයි.

ඔහු විසින් තැබු සටහන සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

මාස 9 ක් සංචාරකයන්ට ගුවන් තොටුපොල වැසීමට සිදුවීමෙන් ඇති වූ භීතිකාව බිද දමමින්, පළමු සංචාරක කණ්ඩායම 28 දින SkyUp Airline ගුවන්යානයෙන් යුක්රෙනයේ සිට සංචාරකයන් 181 දෙනෙකු සහ දෙවන කණ්ඩායම 29 දින Ukraine Airlines ගුවන් යානාවෙන් 213 රැගෙන මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට ළගා විය. එම මගීන් 394 අතරින් කොරෝනා වයිරසය ආසාදිතව 5 දෙනෙක් සිටින බව PSR පරීක්ෂණය පෙන්නුම් කර ඇත. නමුත්, 5% – 8% අතර ප්‍රමාණයක් ආසාදිතයන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව සුදානම් කරන ලද හෝටල් තුලම රදවාගෙන සිටීමට අප සුදානම් වී සිටියේ. එසේ නමුත් මෙහිදී 1% ආසාදිතයන් ලෙස පෙන්නුම් කිරීම යනු 99% සාමාන්‍ය සංචාරකයන් බව සනාථ වීමයි. අද අප රටේ දිනකට 500 ආසාදිතයන් සොයාගන්නා කාලයක යුක්රේනියානුවන් 5 දෙනෙක් යනු ජෙප්පන් ට මෙන්ම හිටං හුටං ට මා කරන සරදමකි. එදා තානාපති ලෙස 2006 සිට මා කල කැපකිරීම් මත ගොඩනැඟුණු විශ්වාස මත යුක්රේනියානුවන්ගේ පැමිණීම සිදුවන බව මාධ්‍ය ඉදිරිපිට පුරසාරම් දොඩවන අය නොදන්නවා වුවද, සංචාරක කර්මාන්තයේ නියැලුණු පුද්ගලයන්ට ඒ ගැන හොද වැටහීමක් ඇත. අද මෙම වැඩසටහනට එළිපිට අකුල් හෙලන අයට ද යහපාලන යමපල්ලන්ට ද මා, අභියෝග කරමින් 2021 ජනවාරි 02 සිට තවත් ගුවන්යානා 10 ක් මත්තලට රැගෙන ඒමට සැළසුම් කර හමාරය. එයින් සංචාරක හෝටල්වල රැකියා කළ ලක්ෂ ගණනක් වන සේවක සේවිකාවන් පමණක් නොව සංචාරකයන්ට විවිධ දෑ අලෙවි කරන ජංගම වෙළෙන්දා දක්වා මෙම ක්‍රියාවලිය තුළ යළි ජීවය ලබයි. රටක් ලෙස යුක්‍රේනය ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි විශ්වාසෙයන් සහ සහෝදරත්වයෙන් තබන මෙම පියවර දෙරටේ අන්‍යෝන්‍ය බැඳීම තව දුරටත් ශක්තිමත් කරන්නකි. රටම ෆේල් කියමින් අපිව ගැරහුම් කරද්දී, මගේ සංකල්පය ගැන විශ්වාසය තැබු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට මෙන්ම SkyUp, Ukraine Airlines, TPG Tours, Kompass Tour, JoinUp ආයතනය මෙන්ම අපේ රටට පැමිණි සියලු යුක්රේනියානුවන්ට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරමි..

Post Views: 9
Previous Post

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවට බාධා එපා – ජනපතිගෙන් නිලධාරීන් උපදෙස්

Next Post

ගෝඨාට බැරි වුණොත් මං හැමදේම අතහරිනවා – ගැමුණු විජේරත්න  

editor

editor

Next Post

ගෝඨාට බැරි වුණොත් මං හැමදේම අතහරිනවා - ගැමුණු විජේරත්න  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved