• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නවින ගිලන් රථ 100 බෙදා දෙයි

10 August 2019
in සංවර්ධන

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර මත නවීන ගිලන් රථ 100 ක් ලබාදීමේ වැඩපිළිවෙලෙහි පස්වන අදියර යටතේ තවත් නවීන ගිලන් රථ 20 ක් සංකේතාත්මකව සෞඛ්‍ය සේවාවට එක්කිරීම ඊයේ (09) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිනි.

ඒ අනුව කෑගල්ල, මහනුවර ශික්ෂණ රෝහල් සදහා ද, කන්තලේ, කින්නියා, කාත්තන්කුඩි, තෙල්ලිපලායි, මුලතිව්, චාවකච්චේරි, පදවිය, කැකිරාව, ගල්ගමුව, කළවාන, කරවනැල්ල, උඩුගම, දෙණියාය මුලික රෝහල් සදහා ද, බදුල්ල, මාතලේ දිස්ත්‍රික් රෝහල් සහ රිඡ්වේ ආර්යා ළමා රෝහල වෙත ද මෙම ගිලන් රථ සංකේතාත්මකව බෙදා දෙනු ලැබීය.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා “මේ වසර තුල පමණක් මේ වනවිට ගිලන් රථ 350 ක් රෝහල් පද්ධතිය වෙත ලබාදී තිබෙනවා. ඒ අනුව රේඛීය අමාත්‍යාංශය යටතේ වන රෝහල් 111 ක් වෙත සහ පළාත් රෝහල් 233 ක් වෙත මෙම ගිලන් රථ ලබාදීම සිදු කොට තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමේ රෝහල්වලට, ප්‍රධාන රෝහල් වලට දෙගුණයකටත් වඩා භෞතික සම්පත් ලබාදීමට කටයුතු කර තිබෙනවා. පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් සමග සෑම සිකුරාදාවකම සිදු කරන සාකච්ඡා වල දී ඔවුන්ගේ අඩුපාඩු ද සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා පිරවීමට ප්‍රතිපාදන වෙන් කිරිමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 2016 දී රුපියල් මිලියන 5000 ක්, 2017 වසරේ දී රුපියල් මිලියන 3000 ක් පළාත් සෞඛ්‍ය සේවා සංවර්ධන කටයුතු සදහා වෙන් කර තිබෙනවා. “මෙතෙක් කල් ජපන් වෑන් රථ වලට උපකරණ සවිකිරීමෙන් නිර්මාණය කළ ගිලන් රථ වෙනුවට උසස් තත්ත්වයේ යුරෝපයෙන් ආනයනික ගිලන් රථ මෙරට සෞඛ්‍ය සේවාවට එක් කිරීමට මාගේ ධූර කාලයේ දී හැකි වුනා. ජපන් වාහන ලංසුවට එම වෑන් රථ මිල දී ගත්තේ නම් එම මිලට තවත් නවතම ෆෝඩ් ගිලන් රථ 22 ක් මිලට ගැනීමට හැකියාව තිබුනා. මෙම මිලදී ගැනීම් සදහා ඔස්ට්‍රියානු සමාගමට අප ගෙවන පොලිය සියයට 0 යි. ජපන් රජයෙන් ගත් මිලදී ගැනීම් වලටත් අප ගෙවන පොලිය සියයට 0 යි.”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ප්‍රවාහන අධ්‍යක්ෂ මනෝඡ් කරුණාරත්න මහතා, ඔස්ට්‍රියානු සමාග‍මේ මෙරට සහ එරට නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

මාධ්‍ය ලේකම්

 

 

 

 

Post Views: 16
Previous Post

ගම්පෙරළිය ගම් මට්ටමෙන් සකස් කරපු දෙයක් – ඇමැති මංගල

Next Post

වේලාවට තීරණ ගන්නේ නැති එකයි රටේ ප්‍රශ්ණවලට හේතුව – ඇමැති රවි

editor

editor

Next Post

වේලාවට තීරණ ගන්නේ නැති එකයි රටේ ප්‍රශ්ණවලට හේතුව - ඇමැති රවි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved