27 April 2024
#සංවර්ධන

දරුවන් 11 දෙනෙකු සිටින පවුලකට නව නිවසක් ලබා දෙයි

ගම්පහ, දිවුලපිටිය, දාගොන්න ප්‍රදේශයේ දරුවන් 11 දෙනෙකු සිටින නිවසක් නොමැති පවුලකට නව නිවසක් ලබා දීම, පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන නායක හිමියන්ගේ සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන නායක හිමියන්ගේ 60 වන ජන්ම දිනයට සමගාමීව මෙම නිවස පිරිනැමීම සිදු කරන ලදි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ මෙම නිවස ඉදිකර ඇත.

දරුවන් 11 දෙනෙකුගෙන් යුත් මෙම පවුල විවිධ දුෂ්කරතා මැද මීට පෙර කුලී නිවාසයක ජීවත් වූ අතර මෙම නිවස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය ඉඩම මිලදී ගැනීමට පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්ගේ සහ දානපති ආධාර උපකාර මත රුපියල් ලක්ෂ 15 ක මුදලක් වැය කර ඇත.

මෙම නිවස අංග සම්පූර්ණව ඉදිකර ඇති අතර එහි ඉතිරි වැය කටයුතු සදහා අවශ්‍ය සහයෝගය ලබා දීමට අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය.

නිවස පිරිනැමීමේ උත්සවයට කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ඉදුරාගාර ශ්‍රී ජේතවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන නායක හිමියන් ඇතුළු මහ සංඝරත්නය වැඩම කළහ. දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික ජයසිංහ මහතා ඇතුලු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *