27 April 2024
#දේශීය

එකම දිනයකි දී එකම ගමක යුවල 11 ක් යුග දිවියට

අළුත් ගමක් අළුත් රටක්, ජංගම සේවය යටතේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉකිරිවැව ග්‍රාම නිලධාරි වසමේ සංවිධානය කරන ලද උප්පැන්න විවාහ , මරණ ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ දී මෙලෙස එකම දිනක යුවල 11 කගේ විවාහ ලියාපදිංචිය සිදු කෙරිණි.

මෙම අවස්ථාව පැවත් වූයේ තඹුත්තේගම සහකාර ප්‍රදේශිය ලේකම් ධම්මිකා එම්. ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකිරිවැව ග්‍රාම නිලධාරී වසමේ දී.

පසුගිය බදාදා දින (12) පැවැත්වූ මෙම විවාහ ලියාපදිංචිය අවස්ථාවේ දී ම උප්පැන්න සහතික 29 ක් හා මරණ සහතික 1 ක් ද ලියාපදිංචි කරන ලදි.

මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් නිරෝෂා එරන්දතී මහත්මිය ඇතුළු තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයේ නිලධාරීන්, වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරි ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියහ.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *