ප්‍රභූන් 11 දෙනෙකුට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත්, ඔවුන් කිසිවෙකුට එවැනි ප්‍රභූ ආරක්ෂාවක් සපයා නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (14) පැවසීය.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකුට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවට වාර්තා පළ වුවද, විශේෂ ආරක්ෂක නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපියකට අනුව ඔවුන් කිසිවෙකුට විශේෂ ආරක්ෂාවක් සපයා නොමැති බව තහවුරු වී ඇත.












