• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා රු.මි.12,000ක් වෙන් කරයි

18 February 2019
in සංවර්ධන

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සදහා රු.මි.12,000ක් වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය හරහා ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගනු ලබන සමාගම් හා ගොවීන් අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදු වු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දේශීය වගා කටයුතුවල නියැලී සිටින ගොවියා හට වෙළදපල හඳුන්වාදීම සහ පුද්ගලික අංශය සමඟ සබඳතා සංවර්ධනය කරමින් ගොවියා හට අතරමැදියාගෙන් වන මැදිහත්වීම අවම කිරීමටත්, ගොවියාගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීමටත්, ගොවියාට අවශ්‍ය වෙළඳපල පහසුකම් සැලසීමටත්, වගා කිරීමේදී නවීන තාක්ෂණය ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේය.

ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික් සඳහා පෞද්ගලික ආයතන සමඟ ගිවිසුම් අත්සන් කිරීම මෙහිදී සිදුවූ අතර ,එහිදී උතුරු පළාතේ රටකජු ඩේවිඩ් ග්‍රෑම් සමාගම ද, නැගෙනහිර රටකජු මිලදී ගැනීම අමල් ග්‍රෑම් සමාගම ද , උතුරුමැද ගස්ලබු හේලීස් සමාගම ද, ඌව පළාතේ පැෂන් ෆෘට් ලංකා කැනරිස් සමාගම ද , උතුරුමැද කෝමාරිකා ස්මැක් සමාගම විසින් ද මිලදී ගැනීම සිදුකරනු ලබන අතර එහිදී දෙපාර්ශවයම අනෙ‍්‍යන්‍ය ගිවිසුම් වලට මෙහිදී එලඹ ගන්නා ලදී.

ගිවිසුම හරහා එම පළාත්වලින් තෝරාගත් ගොවීන්ගෙන් ලබාගන්නා ගුණාත්මක අස්වැන්න මෙම සමාගම් විසින් මිලදී ගැනීම සිදුකරන අතර, එම අස්වැන්න දේශීය මෙන්ම විදේශීය වෙළඳපළ තුළ අලෙවි කිරීමට එමඟින් හැකියාව උදාවේ.

මෙම ව්‍යාපෘති කාලය තුළදී උපරිම හා අවම මිලක් යටතේ නිෂ්පාදන මිලදී ගැනීම සිදුකරන ලෙසත්, එමඟින් ගොවීන් හට ඉහළ මිලක් ලබාදෙන ආකාරයෙන් ගිවිසුම් ප්‍රතිසංස්කරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව වඩාත් උචිතම සහ වෙළදපොල ඉල්ලුමක් ඇති බෝග ව්‍යාපෘතිය යටතේ ප්‍රචලිත කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.ආරම්භයේදී පළාත් පහක හා දිස්ත්‍රික්ක හතක ව්‍යෘපෘති ක්‍රියාත්මක කෙරෙන අතර එම ගොවීන් වෙනුවෙන් කුඩා ජල සම්පාදන ක්‍රම මෙන්ම උපකරණද, යටිතල පහසුකම් ලබාදීමද මෙම ව්‍යාපෘතිය හරහා සිදුවෙයි. යහපත් කෘෂිකාර්මික ක්‍රමවේද තුළින් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන වෙළඳපළට මුදාහැරීම මෙම ව්‍යෘපෘතිය හි ප්‍රධාන අරමුණය.

නිෂ්පාදන ඵලදායීතාවය වර්ධනය කර ගැනීම , නිෂ්පාදන වියදම අඩුකර ගැනීම , පවතින කෘෂිකර්මය වාණිජකරණය, වෙළඳපල අරමුණ කරගත් බෝග නිෂ්පාදනය යන කරුණු පිළිබදව දැඩි අවධානය යොමු කලයුතුව ඇති බව අමාත්‍යවරයා නිලධාරීන්ට කීය. මෙම අවස්ථාවේදී ලෝක බැංකු ආයතනයේ ව්‍යාපෘති ප්‍රධානී ඇන්ඩෘ ගුඩ්ලන් මහතා සහ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා අතර සුහද කතා බහක නිරතවිය. අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එච්.රුවන් චන්ද්‍ර මහතා කෘෂිකර්ම දෙපාර්තමෙන්තු අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්.වීරකෝන් මහතා ඇතුලු නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්විය.

Post Views: 5
Previous Post

2020 වන විට කුරුණෑගල සියලුම පැල්පත් නිවාස සාදා නිම කරනවා … -රාජ්‍ය ඇමති අශෝක් කියයි

Next Post

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වැඩ බාරගනියි

editor

editor

Next Post

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වැඩ බාරගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved