27 April 2024
#දේශීය

12 තීරණාත්මකයි … ! අගමැති පුටුව කාටද?

පවතින දේශපාලන අර්බුධය එළැඹෙන 12 වනදා විසදුමක් ලැබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා සමීපතමයෙකු අප වෙත පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ හා අගමැති ප්‍රමුඛ අමාත්‍ය ධුර සම්බන්ධ නඩුවල තීන්දු තීරණ බොහෝ විට ඉදිරි දින කිහිපය තුළදී ලැබෙනු ඇති බව විශ්වාස කරන බවයි.

ඒ අනුව ඉදිරියේදී ජනාධිපතිවරයා ගන්නේ කුමක් තීරණයක් ද? එය මහින්ද… රනිල්ට.. මෙන්ම රටට බලපානනේ කුමක් දැයි කිව නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව දේශපාලන විශේෂඥයින් කියා සිටියේය.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිතීඥවරුන් දේශපාලඥයින් වෘත්තියවේදින්ට පමණක් නොව මේ වන විට එහි ඇති කරුණු රටේ සියළුම ජනතාව මේ වන විට යම් තාක් දුරට දැනුම්වත් වීම තුළ ඇති වු දේශපාලන අර්බුධය සමඟ බව කිව යුතු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ලිහින් තැන් මෙන්ම රටේ පාලකයාට ඇති හිමිකම් පැවරී ඇති වගකීම් පිළිබඳ ජනතාව දැනුවත් භාවයක් ලබා ඇති බව පැහැදිලි වන්නේ.

මේ වන විට රටේ දේශපාලන පසුබිම අස්ථාවර වී ඇති බවත් ඇතැම් අවස්ථාවලදී රටේ ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණ හේතුවෙන් යම් පටලැලි ස්වභාවයක් දක්නට ඇත. මේ අතර අගමැති ධුරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ පවා ඇත්තේ කුතුහලයකි. ජනාධිපතිවරයා අගමැති ධුරය මහින්දට රනිල්ට ද දෙන්නේ? එසේ නොමැතිනම් එය වෙනත් පුද්ගලයෙකුට යන්න පිළිබඳ මෙතෙක් හෙළි නොවන්නේය. එසේ නොමැතිව භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය වන්නේ ද යන්න පිළිබඳ ජනාධිපතිවරයා පාර්ශවයෙන් සාකච්ඡා මට්ටමක පවතින බව වාර්තා වන්නේ. කෙසේ වෙතත් 12 වනදා දින තීරණාත්මකයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *