• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් පෙබරවාරි මස සිට – රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර

26 January 2024
in දේශීය, පුවත්
උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් පෙබරවාරි මස සිට – රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

එසේම ජලය මත පාවෙන සූර්ය පැනල මගින් මෙගාවොට් 3077ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ජලාශ 31ක් දැනටමත් හඳුනාගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “2024 වසරේ වාරිමාර්ග අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය වශයෙන් ආහාර නිෂ්පාදනය ඉහළ නංවමින් ජාතික ආහාර සුරක්ෂිතතාවය උදෙසා උපරිම දායකත්වයක් ලබාදීමට අරමුණු කරගෙන තිබෙනවා. ඒ වගේම වාරිමාර්ග අමාත්‍යාංශයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 23,413ක මුදලක් වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් මිලියන 6913ක් ජලාශ නඩත්තු කිරීමටත්, රුපියල් මිලියන 16500ක් මහා පරිමාණ වාරි ව්‍යාපෘතීන් වෙනුවෙනුත් වෙන් කර තිබෙනවා. මහවැලි සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4678ක මුදලක් දේශීය අරමුදල් ලෙස වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් මිලියන 1590ක්ම වෙන් කර තිබෙන්නේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන්. එසේම පශු සම්පත් කටයුතු වෙනුවෙන් ද රුපියල් මිලියන 930ක් ද වෙන් කර ඇති බව කිව යුතුයි. වාරිමාර්ග අමාත්‍යාංශය හරහා මහා පරිමාණ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මකයි. එම ව්‍යාපෘති අතරින් බහුතරයක් විදේශීය ණය ආධාර මත ක්‍රියාත්මක කෙරෙනවා. මේ යටතේ ආරම්භ කළ උමාඔය ව්‍යාපෘතියෙහි වැඩකටයුතු අවසන් අදිරයට පැමිණ තිබෙනවා. එම නිසා එමඟින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.එසේම ජාතික විදුලි පද්ධතියට සූර්ය සහ ජල විදුලිය එකතු කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහන් රැසක් මේ වසරේ ක්‍රියාත්මක කෙරෙනවා. මේ යටතේ භූමිය, පියසිමත, ජලය මත පාවෙන සූර්ය කෝෂ යොදා ගැනීමට නියමිතයි. ජලය මත පාවෙන සූර්යබල විදුලිය උත්පාදනය කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ජලාශ 14කින් මෙගාවොට් 2524ක්, වාර්මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 17කින් මෙගාවොට් 553ක් නිපදවීමට අවශ්‍ය ජලාශ 31ක් මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. මෙම සියලු ව්‍යාපෘති විදුලිබල අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. උමාඔය ව්‍යාපෘතියට සමගාමීව කුඹුරු හෙක්ටයාර් 4500කට සහ නව කුඹුරු හෙක්ටයාර් 1500කට ජලය සැපයීමට බලාපොරොත්තු වෙනවා. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන තුළින් මිණිපේ ඇළ ප්‍රතිසංස්කරණය කිරීමට එහි අමුණ මීටර් 3.5කින් එසවීමටත්, වයඹ පළාත් මහඇළ කිලෝමීටර් 11ක උමං මාර්ගයක් ද සහිතව කිලෝමීටර් 90ක දිගින් යුතු ඇළ ඉදිකිරීමටත් පියවර ගෙන තිබෙනවා. මීට අමතරව උතුරු මැද මහ ඇළ ඉදිකිරීමට තුළින් ප්‍රධාන වැව් 07කට සහ කුඩා වැව් 350කට කන්න දෙකටම අවශ්‍ය ජලය ලබාදීමටත් හැකියාව පවතිනවා. තවද එක්ලක්ෂ අසූපන්දහසකට පානීය ජලය ලබාදීමටත් ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා. ජාතික ආහාර සුරක්ෂිතතාවයට සමගාමීව ගොවි සංවිධාන හරහා ග්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලෝක බැංකු ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වෙන් කර ඇති බව ද කිව යුතුයි යැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 139
Previous Post

විකල්ප යෝජනා තිබේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවකට සූදානම් – ජනපති

Next Post

පාර්ලිමේන්තුව වාරාවසාන කෙරේ… පස්වන සැසිවාරය ලබන 07 වනදා

editor ttvnews

editor ttvnews

Next Post
පාර්ලිමේන්තුව වාරාවසාන කෙරේ… පස්වන සැසිවාරය ලබන 07 වනදා

පාර්ලිමේන්තුව වාරාවසාන කෙරේ... පස්වන සැසිවාරය ලබන 07 වනදා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved