රට ගොඩනැගීමේ ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පෙන්වා දෙන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා, මේ වසරේදී නවකයන් 120,000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කරයි.
පසුගිය වසරේ පැවැති තරග විභාගයක් හරහා තෝරාගත් ශ්‍රී ලංකා තාක්ෂණික සේවා නිලධාරීන් ඇතුළු පිරිසක් බඳවා ගැනීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව, දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ නිරත වී විශ්‍රාම යන නිලධාරීන්ට තම සේවා කාලය නිම කර සතුටින් සහ ගෞරවනීය ලෙස සමුගැනීමට හැකි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ දිරිගන්වනසුලු සේවා පරිසරයක් බවට පත් කිරීම මෙම පියවරවල මූලික අරමුණ වේ.
















