8 September 2024
#දේශීය

මහින්දට 125 ක බහුතර බලයක් ……!

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ මහින්ද රාජපක්ෂ හට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. පාර්ලිමේන්තුවේ 125 ක බහුතර බලයක් මහින්ද රාජපක්ෂට හිමිව ඇත. තම පිරිස වැඩි කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ පසුගිය දින කිහිපයේදීම කටයුතු කර ඇති අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හිත දිනා ගැනීමේ කටයුතු සිදු කර ඇති බව වාර්තා වන්නේ.

එම බහුතර බලය ඇති පුද්ගලයාට අගමැති ධුරය පිරිනමන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දිනවලදී පවසා ඇති බව මාධ්‍ය වාර්තා කර සිටියේය. ඒ අනුව මහින්ද රාජපක්ෂ තමාට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව පෙන්වා ඇති අතර ඔහුට අගමැති ධුරය ලබා දී ඇති බවයි දේශපාලන සමීපතයින් කියා සිටින්නේ.

තව ද ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිටුපස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඍජුව සම්බන්ධ වීම තහවුරු වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව ජනාධිපති දැඩි ලෙස තීන්දුවකට එළැඹු බව ජනාධිපති සමිපතයින් කියා සිටින්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *