27 April 2024
#ක්‍රීඩා

13 වන දකුණු ආසියානු ක්‍රිඩා උලෙල අද නේපාලයේදී ඇරඹේ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංග ශාලා ක්‍රීඩාංගණයේදී අද (01) ආරම්භ වෙයි. මෙහිදී රන් සහ රිදී පදක්කම් 317 ක් මෙන් ම ලෝකඩ පදක්කම් 481 ක් වෙනුවෙන් තරග ඉසව් ගණන 28 ක් පැවැත්වේ.

මෙය ලබන 10 වැනි දා දක්වා ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ නේපාලයේ කත්මණ්ඩු සහ ෆොකරා නගර කේන්ද්‍ර කර ගනිමිනි. මෙවර තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 4000 කට අධිකයි.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 560 කට අධික ප්‍රමාණයක් සහභාගී වේ.

ඊට මලල ක්‍රීඩකයන් 36 දෙනෙකු හා මලල ක්‍රීඩිකාවන් 29 දෙනෙකු අයත් ය.

සමාරම්භක උළෙලෙදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව හිමිව ඇත්තේ, හෙල්ල විසි කිරීමේ ශූරියක වන නදීකා ලක්මාලීටයි.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *