• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආගම් විවේචනය කරන පක්ෂ හා පුද්ගලයින් දේශපාලනයෙන් ඉවත් කිරීම ජනතාව සතු වගකිමක් – ලාන්සා කියයි

27 June 2020
in දේශීය

ආගම් සහ ආගමික නායකයින් විවේචනය කරනු ලබන පක්ෂ හා පුද්ගලයින් දේශපාලනයෙන් ඉවත් කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දින කටාන පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

බෞද්ධ සංස්කෘතිය තුළින් පෝෂණය වන ශ්‍රී ලංකාව තුළ කතෝලික, හින්දු, ඉස්ලාම් ඇතුළු අනෙකුත් ආගම් ඇදහීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම අපගේ වගකීමක්. ආගමික ඉගැන්වීම් හා අනුශාසනා තුළින් යහපත් සමාජයක් බිහි කිරීමට කටයුතු කරන ආගමික නායකයින්ගේ සිත් රිදවීම හෝ විවේචනය කිරීම කිසිදු පක්ෂයක් හෝ පුද්ගලයකු විසින් සිදු නොකළ යුතුයි. එය ඔවුන්ගේ පරිහානියට හේතුවක් බව ලාන්සා මහතා පැවසීය.

සිය ආගමික පරිසරයන් තුළින් හැදීවැඩි පෝෂණය වන පිරිස් තම තමන්ගේ ආගම් කෙරෙහි වඩාත් සංවේදී වන අතර විශේෂයෙන් දේශපාලඥයින් ආගම් හෝ නායකයින් විවේවචනය කිරීමෙන් රට තුළ ගැටුම් ඇතිවීම පවා සිදුවිය හැකියි.
එවැනි තත්ත්වයකට පත් නොකිරීමට වගකීමෙන් කටයුතු කිරීම දේශපාලඥයන්ගේ යුතුකමක් බව නිමල් ලාන්සා මහතා පැවසීය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ හා පුද්ගලයින් ආගම් වලට හා ආගමික නායකයින්ට ගරු නොකිරීම ඉතිහාසයේ සිටම අපට දැක ගැනීමට හැකි වී තිබෙනවා. එයින් ඔවුන් ලද දේ නම් පැවති මැතිවරණ පරාජයට පත්වීම හා ජනතාව ක්‍රමක් ක්‍රමයෙන් එම බලවේග තුළින් ඉවත් වීම බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 9
Previous Post

සියළු පෙරපාසල් ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් – ඇමැතිනි පවිත්‍රා

Next Post

ඕමන්තයේ බස් රථ පෙරළි 13 කට තුවාලයි

editor

editor

Next Post

ඕමන්තයේ බස් රථ පෙරළි 13 කට තුවාලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved