27 April 2024
#දේශීය

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 13 ක් අත්අඩංගුවට

ගල්කිස්ස, සේරම් පාර ප්‍ර දේශයේ ලැගුම්හලක ආගමන විගමන කොන්දේසි උල්ලංඝණය කරමින් විසා නොමැතිව මෙරට රැඳි සිටි විදේශිකයින් 13 දෙනෙකු පුගොඩ විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 09 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 04 ක් සිට ඇති අතර ඔවුන් වයස අවුරුදු 20 ත් 44 අතර පසුවන තායිලන්ත හා චීන ජාතිකයින් බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 10,300 ක් ද සොයා ගෙන තිබේ. සැකකරුවන් සහ සැකකාරියන් අද (27) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳ ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශනය පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *