• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා ජංගම සේවාවේදී 1327 ක් ණය ලබාගැනීමට සුදුසුයි

25 March 2019
in සංවර්ධන

ව්‍යාපාරිකයින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් අඩු පිරිවැයකින් ප්‍රාග්ධනය ලබාදීම සඳහා ආරම්භ කරන ලද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ජනතාව වෙතට ගෙන ගොස් ක්‍රියාත්මක කිරීම සඳහා අරඹන ලද ජංගම සේවාව සාර්ථක වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 23 සහ 24 දෙදින වැලිගමදී පවත්වන ලද ජංගම සේවාවට 7000කට අධික ජනතාවක් සහභාගී වූ අතර එයින් පුද්ගලයන් 1327 දෙනෙකු ණය ලබා ගැනීම සඳහා සුදුසුයැයි රාජ්‍ය බැංකු මගින් හඳුනා ගෙන ඇත.

ලංකා බැංකුව මගින් 620 දෙනෙකු ණය ලබා ගැනීම සඳහා සුදුස්සන් බවට ලියාපදිංචි කරන ලද අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් 387දෙනෙකු මහජන බැංකුව මගින් 300 දෙනෙකුද ලියාපදිංචි කර ඇත.

රජය මගින් සහන පොළී යටතේ රුපියල් මිලියන 750 දක්වා විවිධ ණය යෝජනා ක්‍රම ඔස්සේ ව්‍යාපාර හා කර්මාන්තවලට අවශ්‍ය ණය ලබා දෙන නමුදු ණයලාභීන් මේ සඳහා තම ව්‍යාපාර යෝජනා (Business Proposal) බැංකු වෙත ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. බොහෝ ණයලාභීන්ට ව්‍යාපාර යෝජනා සකස් කිරීමට අවශ්‍ය දැනුම හා අවබෝධය නොමැතිකමින් ණය ලබා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවේ. මෙම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය මගින් මේ සඳහා වැඩ පිළිවෙළක් යොදා ඇති අතර විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ගේ සහයෝගයෙන් ණයලාභින් වෙනුවෙන් මෙම ජංගම සේවයේ දී ව්‍යාපාර යෝජනා 45ක් සකස්කර දීමට හැකිවීම විශේෂත්වයකි.

දකුණු පළාත සංචාරක ව්‍යාපාරයට ප්‍රචලිත හෙයින් රජය මගින් හඳුන්වා දී ඇති සංචාරක සත්කාර සේවා සඳහා ද 450ක පමණ පුද්ගලයින් ලියාපදිංචි වී ඇත. එයින් 50කට පමණ එම ස්ථානයේදීම අනුමැතිය ලැබිණි. සෙසු ණය ඉල්ලුම්කරුවන්ට සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් කරනු ලබන ක්ෂේත්‍ර පරික්ෂාවෙන් පසුව අනුමැතිය හිමිවනු ඇත.

විවිධ ව්‍යාපාර සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගත යුතු සංචාරක සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ කාර්යාල ද මෙම ජංගම සේවාව තුළ ක්‍රියාත්මක විය.
ණය අපේක්ෂා කරන්නන් හට බැංකු වෙත ඉදිරිපත් කළ යුතු සියලු ලිපි ලේඛණ මෙහිදී සකස් කර ගත හැකි වීම ද විශේෂත්වයක් විය.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ණය යෝජනා වැඩසටහන මගින් 2018 වසර තුළ රුපියල් මිලියන 60,000ක් වටිනා ප්‍රාග්ධන 39000ක් පමණ පුද්ගලයින් වෙත ණය වශයෙන් ලබාදී ඇත. 2019 වසරේ දී එම වැඩසටහන තව දුරටත් පුළුල් කරමින් ලබාදෙන ණය පොලිය ගෙවීමට පමණක් රුපියල් මිලියන 6100ක් වෙන්කර ඇත.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් ණය යෝජනා හඳුන්වා දී ඇති අතර ඉන් කෘෂිකර්මාන්තය,සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, නිවාස ඉදිකිරීම් හා රැකවරණ ණය යෝජනා ක්‍රම ප්‍රධාන වේ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ක්‍රියාත්මක මෙම ණය ‍යෝජනා ක්‍රමය මගින් බිහිවන නව ව්‍යාවසායක ප්‍රජාව හරහා රටෙහි සංවර්ධනය දියණු කිරීම බලාපොරොත්තු වන අතර ඉන් ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Post Views: 4
Previous Post

හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීමට යෝජනාවක්

Next Post

පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා දත්ත ලබාගැනීම සහ බෙදාහැරීම සඳහා ජාතික මධ්‍යස්ථානයක්

editor

editor

Next Post

පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා දත්ත ලබාගැනීම සහ බෙදාහැරීම සඳහා ජාතික මධ්‍යස්ථානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved