27 April 2024
#දේශීය

මධ්‍යම පළාතට නව පරිපාලන නිලධාරීන් 14ක් පත්කෙරේ

මධ්‍යම පළාත් කළමනාකාරණ සහකාර ශ්‍රේණියේ අධි ශ්‍රේණිය සදහා වන පත්වීම් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (27) පැවැත්විය.

ලිඛිත තරග විභාගයකින් අනතුරුව සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරමින් ජ්‍යෙෂ්ඨත්වය සහ පළපුරුද්ද මත “කුසලතා” පදනමෙන් තෝරාගත් නිලධාරීන් 14 දෙනෙකු‌ මෙලෙස පත්වීම් ලැබු අතර, ඔවුන් මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතනයන්හී පරිපාලන නිලධාරී තනතුරු සදහා පත්කිරීම සිදුකර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, රාජ්‍ය සේවකයින් සිය රාජකාරී කටයුතු ඉටු කිරීමේදී සඵලදායී ජනතා සේවයක් වෙනුවෙන් කාර්යක්ෂම ලෙස කටයුතු කළ යුතු බවත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව තම කාර්යය භාර්ය විනිවිද භාවයෙන් යුතුව පවත්වාගෙන යමින් මහජනතාව වෙත ගුණාත්මක රාජ්‍ය සේවාවක් ලබා දීම වෙනුවෙන් සිය ස්තූතිය පළ කර සිටින බවත් ය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති පී.ජී. අමරකෝන්, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඩබ්ලිව්. දායානන්ද යන මහත්වරුන් සහ මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *