• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

යාපනයේ ප්‍රශ්න 140,000කට විසඳුම් – ඇමැති වජිර කියයි 

2 October 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යාපනය දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් 12ක් පවත්වා අවසන් කළ බවත් එහි දී වසර 30කට වැඩි කාලයක් ගොඩගැසී තිබූ නොවිසඳුණු ජනතා ගැටලු 140,000ක් පමණ විසඳා අවසන්කරමින් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ අතරින් වැඩිම ගැටලු ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණේ නිවාස, ඉඩම්, සනීපාරක්ෂක පහසකම් ලබාගැනීම් සම්බන්ධයෙන් බවයි.

යුද්ධය හේතුවෙන් තම සැමියා අතුරුදන් වීම නිසා හෝ මරණයට පත්වීම හේතුවෙන් හෝ වැන්දඹුවී ගෘහ මූළිකත්වය දරණ කාන්තාවන් විශාල ප්‍රමාණයක් පැමිණි බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය. එවැනි කාන්තාවන් 28,953 දෙනකුගේ ගැටලු යාපනය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව ඇති අතර ඉන් 21,718ක් සඳහා දැනටමත් විසඳුම් ලබා දී අවසන්ව ඇත. අතුරුදන් වූවන් වෙනුවෙන් රජය විසින් හඳුන්වාදුන් නොදුටු සහතිකය ඉල්ලා විශාල පිරිසක් නිල මෙහෙවර භූමියට පැමිණි බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සඳුදා වන විට යාපනය දිස්ත්‍රික්කයේ යාපනය, වේලනයි, කයිට්ස්, කරෙයිනගර්, සංදිල්පායි, චංකානයි, උඩුවිල්, තෙලිප්පලෙයි, කෝපායි, චාවකච්චේරි, කරවෙට්ටි, මරුතන්කර්නි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක නිල මෙහෙවර ප්‍රාදේශීය වැඩසටහන් පවත්වා අවසන් කර තිබිණි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයන්හි නිල මෙහෙවර වැඩසටහන පැවැත්වීමට පෙර ගැටලු 139,492ක් ඉදිරිපත් වී තිබූ අතර ඉන් සියයට 80කට පමණ නිල මෙහෙවර වැඩසටහන පැවැත්වෙන දිනයට පෙර දිනයේ ම විසඳුම් ලබාදීමට කටයුතු කර තිබිණි. ඉතිරි ගැටලුවලට නිල මෙහෙවර ප්‍රාදේශීය වැඩසටන පැවැත්වෙන භූමියේ දී විසඳුම් ලබාදුන් අතර ගැටලු සුළු ප්‍රමාණයක් පමණක් ඉදිරි කටයුතු සඳහා ඉතිරිව තිබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ අතරින් වැඩිම ගැටලු ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබුණේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එම ප්‍රමාණය 27,189කි. චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ගැටලු 25,613ක් ඉදිරිපත්ව තිබිණි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නිල මෙහෙවර මෙතෙක් පැවැති වැඩසටන් සම්බන්ධයෙන් මෙසේ අදහස් පල කළේය ”ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩසහටන පැවැත්වීම ආරම්භ කළේ මේ රටේ බහුතරයක් ජනතාව අතර දශක ගණනාවක් තිස්සේ විසඳාගත නොහැකි ගැටලු තිබෙන නිසා.යාපනය දිස්ත්‍රික්කයේ තිබෙන ගැටලු ඇතැම් ඒවා රටේ අනෙක් දිස්ත්‍රික්කවල තිබෙන ගැටලු වලට වඩා වෙනස් ස්වභාවයක් ගන්නවා. අවුරුදු 30ක කාලයක් යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ජනතාවක් මේ ප්‍රදේශයේ ජීවත්වන්නේ. ඔවුන්ගේ සෑම කෙනෙකුගේම පවුලේ සාමාජිකයෙක් හෝ නැතිනම් සමීපතම ඥාතියකු හෝ යුද්ධයෙන් මරණයට පත්ව තිබෙනවා. ඔවුන් ඉන්නේ දැඩි පීඩාවකින්. ඇතැම් අයට උප්පැන්න සහතිකයවත් නැහැ. උපත ලැබූ දිනයේ සිට කිසිම වලංගු රජයේ ලියවිල්ලක් නැතිව ජීවත් වූ මිනිසුන් මේ ප්‍රදේශයේ ඉන්නවා. ඔවුන්ට මේ අදාල ලේඛන ලබා ගන්න තමන්ට තිබෙන ගැටලු විසඳාගන්න. රජයෙන් ලැබෙන දෙයක් ලබාගන්න කොළඹ තිබෙන අමාත්‍යාංශයකට එනන් හෝ රජයේ ආයතනයකට එන්න හෝ හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන් නිල මෙහෙවර වැඩසටහනට ඉතා උනන්දුවෙන් සහභාගී වෙනවා. විශේෂයෙන් ම හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, උප්පැන්න සහතික ලබාගන්න වගේම අපේ රජයෙන් හඳුන්වාදුන් නොදුටු සහතිකය ලබාගැනීමට ඔවුන් එනවා. මේ අයගේ තිබෙන ලක්ෂ ගණනක් මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න විසඳූ විට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය වඩාත් කාර්යක්ෂම කරන්න අපේ නිලධාරීන්ට හැකියාව ලැබෙනවා.”

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ යාපනය දිස්ත්‍රික්කයේ මෙතෙක් හඳුනාගෙන ඇති ගැටලු අතරින් වැඩිම ප්‍රමාණනයක් ඉදිරිපත් වී ඇත්තේ නිවාස, වැසිකිළි හා පානීය ජලය සම්බන්ධයෙන් බවයි. එම ප්‍රමාණය 43,095කි. ඉදිරිපත් වූ ගැටලු අතරින් දෙවැනි තැනට පත්ව ඇත්තේ සමෘද්ධි ඇතුළු දීමනා ඉල්ලම් වන අතර එය සංඛ්‍යාත්මකව 32,431කි.

නිල මෙහෙවර වැඩසටහන අතරතුර සිදුවන වඩාත් වැදගත් දෙයක් වන්නේ මෙතෙක් නීත්‍යානුකූළව විවාහ නොවී අඹු සැමියන් ලෙස පවුල් කෑ ජෝඩු රජයේ වියදමින් විවාහ කර දීමයි. මේ අනුව එලෙස විවාහ නොවී සිටි අඹු සැමි ජෝඩු 150ක් නිල මෙහෙවර වැඩසටහන අතරතුර විවාහ කර දී ඇතැයි ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

යාපනයේ ඩෙල්ෆ්, පේදුරුතුඩුව සහ නල්ලූර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනෙහි නිල මෙහෙවර වැඩසටන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.

Post Views: 13
Previous Post

ඉතිහාසයේදීවත් මේතරම් වැඩ කරපු ආණ්ඩුවක් නෑ – ඇමැති දුමින්ද

Next Post

නිදහස් අධ්‍යාපනය ලබන සියළු දෙනා වගකිම් ඉටු කළ යුතුයි – ජනපති

editor

editor

Next Post

නිදහස් අධ්‍යාපනය ලබන සියළු දෙනා වගකිම් ඉටු කළ යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved