ගාල්ල, අක්මීමන, කපුහෙම්පල ප්‍රදේශයේ දස වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසල් සිසුවෙක් නිවසේ දී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
පියා විසින් ගෙනවිත් සඟවා තිබූ විදේශීය මත්පැන් බෝතලයක් දරුවා විසින් දින කිහිපයක් තිස්සේ හොර රහසේ පානය කර ඇති අතර, ඒ බව දැනගත් පියා ඔහුට බැණ වැදී, පහරදී තරවටු කර ඇත. එම සිදුවීම නිසා ඇති වූ හිත් වේදනාව හා ආරවුල මත, කිසිවෙක් නිවසේ නොසිටි අවස්ථාවක (අගෝස්තු 14) දහවල් ඉදිකරමින් පවතින තෙමහල් නිවසේ ඉහළ මහලේ සිට කඹයක් යොදා ගනිමින් ඔහු මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී ඇති බව පොලිසිය සැක කරයි. අක්මීමන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















