27 April 2024
#දේශීය

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 152 යි

අද (03) දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීයෙකු හමුවී ඇතැයි  වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 152 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ වන  විට පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර 22 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදනය වූ තැනැත්තන් ප්‍රමාණය මිලියනය ඉක්මවා ඇත.

ලෝකයේ මියගිය සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *