27 April 2024
#සංවර්ධන

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙසින් 17 වැනිදා ජනතා අයිතියට -අමාත්‍ය අශෝක්

ශ්‍රී ලංකාවේ සිව්වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස පලාලී ගුවන් තොටුපල මේ මස එනම් ඔක්තොබර් 17 වැනිදා ජනතා අතියට පත් කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා වැඩබලන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

වැඩබලන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෙම පලාලි ගුවන් තොටුපල වීවෘත කිරීම සම්බන්ධයෙන් මෙසේ අදහස් පල කර සිටියේය “ඇත්තටම අපි ඉතා කෙටිකාලයක් ඇතුලත පලාලි ගුවන්තොටුපලේ දෙවන අදියරේ වැඩ කටයුතු අවසන් කලා. දැන් මේක ජාත්‍යන්තර ගුවන්තොටුපලක්. අපි කලාපීය වශයෙන් ගුවන් ගමන් ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස්කර තිබෙනවා. නුදුරේදීම මෙහි තුන්වන අදියර ආරම්භ කරනවා. එවිට ලොව තිබෙන විශාල ගුවන් යානා මෙයට ගොඩබැස්විය හැකියි. 2015 නව රජය බිහිවීමෙන් පසු අපි ගුවන්සේවාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කලා. ඒකෙ ප්‍රධානම කාර්යය තමයි කටුනායක ගුවන්තොටුපලේ ධාවන පථය පුලුල් කිරීම. අපි බලයට එන විට ජාතන්තර ගුවස්සේවා සංවිධානය වන අයිකාවෝ සංවිධානය විසින් ලංකාවට එන ගුවන්යානා වලට තහනමක් පනවන්නට නියමිතව තිබුණා. ඒ ගුවන් පථයේ පැවති අබලන් තත්වය නිසා. රාජපත්ෂ ආණ්ඩුව ඒ සදහා ඇත්තමේන්තු කල මුදලින් හරි අඩක වියදමින් අපි ඒක නිම කලා. දැන් A 380 ගුවන් යානා පවා මෙයට ගොඩ බැස්විය හැකියි. මීට අමතරව මඩකලපුව ගුවන්තොටුපල සිවිල් ගුවන්තොටුපලක් කලා. සීගිරිය, ත්‍රීකුණාමලය, හිගුරක්ගොඩ ගුවන්තොටුපලවල් ගුවන් හමුදාවේ සහයෝගය ඇතිව සිවිල් ගුවන්තොටුපල බවට පරිවර්ථනය කර සංවර්ධනය කරනවා. මහනුවර ප්‍රදේශයට නව ගුවන් තොටුපලක් සෑදීමට අවශ්‍ය සැලසුම් සිදු කරමින් පවතිනවා. ඒ වගේම අභ්‍යන්තර ගුවන් සේවය අපි ශක්තිමත් කරනවා. රටකට අභ්‍යන්තර ගුවන් ප්‍රවාහන සේවයක් අත්‍යාවශ්‍යයයි. එය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ඉතා වැදගත්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *