27 April 2024
#දේශීය

රට ගොඩනගන දැක්මක් මට තියෙනවා – ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත

තමා ජනාධිපති වුවහොත් එක මනුස්සෙකු කොළඹට ගෙන්වීමට නොහැකි වන බව ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත මහතා පවසයි. TTVNews.lk වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමාට මෙරට ආර්ථිකය නැංවීමට හැකියාව ඇති බවයි. ජනාධිපතිවරයෙකු වශයෙන් මෙරට ආර්ථිකය ගොඩ නැගීමට හැකි උපක්‍රම තමා සතු බවත් එය ක්‍රියාත්මක කළ හැකි වටපිටාවක් ගොඩ නගා ඇති බව හෙතෙම පැහැදිලි කළේය.

වසර ගණනාවක් තිස්සේ දුප්පත් මනුස්සායා සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවල කතා කිරීම කනගාටුදායක බවත් තමා ජනාධිපති වුවහොත් දුප්පතෙකු සොයා ගැනීමට නොහැකි වනු ඇති බව ඔහු කියා සිටියේය. එසේම ඔය කොළඹට ගෙන්වන එක් අයෙකුවත් තමා ජනාධිපති වු පසු ගෙන්වීමට නොහැකි වනු ඇති බව රොහාන් පල්ලෙවත්ත ජනාධිපති අපේක්ෂකයා අප සමඟ සිදු කළ සාකච්ඡාවේදී අනාවරණ කර සිටියේය.

එම සම්පුර්ණ සාකච්ඡාව පහත සඳහන් Youtube අපගේ නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය.

https://youtu.be/01V_Y4Q_3iY

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *