27 April 2024
#දේශීය

ඇල්ලකට වැටී 17 හැවිරිදි තරුණයෙකු මරුට

මාවනැල්ල, ඉහලකෝට්ටේ දුම්රිය ඊයේ (23) පස්වරුවේ මියන් ඇල්ලේ ඉවුරේ පහලට වැටී බරපතල තුවාල ලැබු පිරිමි ලමයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මිය ගිය තරුණයා වයස අවුරුදු 17 ක් වු පන්සලවත්ත, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය තරුණයා තවත් ළමයින් 08 දෙනෙකු සමග කුණ්ඩසාලය ප්‍රදේශයේ සිට ඉහලකෝට්ටේ ප්‍රදේශයට පැමිණ දුම්රිය ස්ථානයට ආසන්නයේ ඇති මියන් ඇල්ල නරඹමින් සිටියදී මරණකරු එහි ඉවුරකින් පහලට ලිස්සා වැටී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මෘත ශරීරය මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර වැඩිදුර පරික්ෂණ මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *