8 September 2024
#දේශීය

මාරක රිය අනතුරින් අවුරුදු 17 ක තරුණයෙකු මරුට

ගලේවෙල, වහකෝට්ට ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර නොහැකිව ප්‍රතිවරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට යටවී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 17 ක් වන මිල්ලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය සම්බන්ධ පශ්චාත් මර්ණ පරික්ෂණය පවත්වා දේහය ඥාතීන්ට භාර දී ඇත.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *