17 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය එළඹෙන මැයි මස 19 වන අඟහරුවාදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අනුස්මරණ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය. රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් පවත්වනු ලබන මෙම ජාතික උත්සවය සඳහා රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු රැසක් සහභාගී වීමට නියමිතව ඇත.














