එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ හෝමූස් සමුද්‍ර සන්ධිය අසල නවතා තිබූ නෞකාවක්, හඳුනා නොගත් සන්නද්ධ පිරිසක් විසින් සිය පාලනයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය සමුද්‍රීය ආරක්ෂක අංශ (UKMTO) පවසන පරිදි ෆුජයිරා (Fujairah) වරායට නාවික සැතපුම් 38ක් ඊසාන දෙසින් පිහිටි මුහුදේ නැංගුරම් ලා තිබියදී මෙම නෞකාව අත්පත් කරගෙන තිබේ. මේ වන විට එම නෞකාව ඉරාන මුහුදු සීමාව දෙසට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
















