අටදහස් (18) වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා නවදිල්ලි නුවර වෙත පැමිණ තිබේ.
හෙට සහ අනිද්දා (12 සහ 13) දෙදින නවදිල්ලි නුවරදී පැවැත්වෙන මෙම සමුළුව අතරතුර, රුසියානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. දෙරට අතර උපායමාර්ගික, ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබේ. චීන ජනාධිපතිවරයා, දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා, මැලේසියානු අගමැතිවරයා, ඊජිප්තු හා ඉරාන ජනාධිපතිවරුන්, ඉන්දුනීසියානු ජනාධිපතිවරයා, අබුඩාබි ඔටුන්න හිමි කුමරු, ඉතියෝපියානු අගමැතිවරයා මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද මෙම සමුළුව සඳහා එක්ව සිටිති. සාමාජික රටවල නියෝජිතයන් මෙහිදී ගෝලීය වෙළෙඳාම, බලශක්ති සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත අතර, ආරම්භයේදී බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව නියෝජනය වූ බ්‍රික්ස් සංවිධානයට 2024 සහ පසුගිය වසරවලදී ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඉන්දුනීසියාවද නිල වශයෙන් සම්බන්ධ විය.














