27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ ලිපිගොනු 18 ක් නීතිපති විසින් පොලිස්පති වෙත හරවා යවයි

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසන පරිදි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ නොකළ තවත් පරීක්ෂණ වාර්තා 18ක් නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත නැවත හරවා යවා ඇත.

මේ වන විට එවැනි අසම්පූර්ණ වාර්තා 100ක් නැවත හරවා යවා ඇති බව එතුමිය  වැඩිදුරටත් පැවසුවාය.

තවද මෙම අසම්පූර්ණ වාර්තා විධිමත් ලෙස සකස් කරන්නැයි නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බවද ඇය සඳහන් කළාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *