27 April 2024
#දේශීය

විදුලි අර්බුදය මෙම සති අන්තය වන විට විසඳෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ හදිසි විදුලි බිඳවැටීමත් සමඟ හටගත් විදුලි අර්බුදය මෙම සති අන්තය වන විට විසඳෙනු ඇති බවයි.

විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රීය වීම මෙම තත්ත්වයට හේතු වූ බව එහි සභාපති විජිත හේරත් මහතා පවසයි.

මෙම තත්ත්වය හමුවේ ඊයේ (18) දිනයේ සිට දින 4 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කරනු ලැබීය.

සිකුරාදා හෝ සෙනසුරාදා වන විට නොරෙච්චෝලේ බලාගාරය නැවත පණ ගැන්විය හැකි බවට විශ්වාස කරන බව ද පැවසු ඒ මහතා, සැපයුම ප්‍රමාණවත් වු බැවින් සමහර ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් ඊයේ දිනය තුළ සිදුනොකළ බව ද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *