27 April 2024
#දේශීය

වසර 18කට පසු ට්‍රැක්ටර් සංස්ථා සේවකයන්ට වන්දි ලැබෙයි

1971 ස්ථාපිත කළ ශ්‍රී ලංකා වානිජ නීතිගත ටැක්ටර් සංස්ථාව 1977දී පෞද්ගලිකකරණය කිරීමෙන් පසු,වසර 2000 දී එය සමාගමක් බවට පත්කිරීමේ දී සේවය අහිමිවූ මෙතෙක් වන්දි නොගෙවූ සේවකයන් 28 දෙනෙකුට එම වන්දි මුදල් ප්‍රදානය කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කම්කරු දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණි.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,“ වසර ගණනාවක් තමන්ගේ හිඟ වැටුප් සහ වන්දි ලබා ගැනීමට නොහැකිව සිටි ට්‍රැක්ටර් සංස්ථා සේවක පිරිසට එම පාරිතෝෂිත දීමනා සහ වන්දි ලබාදීමට හැකිවීම සතුටට කාරණයක් බවයි. කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන වගකීම වන්නේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම බව ද හෙතෙම පැවසයි.

එම නිසා පහුගිය කෙටි කාලය තුළ තුල කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කර දෙන කරදෙන පනත් රාශියක් අපිට අලුතෙන් ගෙන යෑමට හැකි වු බව අමාත්‍යවරයා කියා සිටියේය.

එසේම පසුගිය වසර ගණනාවක් ඉටු කිරීමට නොහැකි වූ වූ වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීමේ ඉල්ලීම දීර්ඝ සාකච්ඡා රාශියකින් පසු ලබාදීමට හැකිවීම ද විශාල ජයග්‍රහණයක් බවය.

අදාල සේවකයන්ගේ හිඟ වැටුප් පාරිතෝෂිත දීමනාවලට අදාල චෙක්පත් අද දින ලබා දෙන අතර ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල්වල ප්‍රතිලාභ මුදල් මෙම සේවකයන් විසින් ඉල්ලීම් කළ විට කඩිනමින් ලබාදීම නුදුරු දිනයක සිදු කෙරෙන බව ද එම අර්ථසාධක මුදල් මහ බැංකුවට මේ වනවිට යොමු කර ඇති බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි දී පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යයංශ ලේකම් මාපා පතිරන මහතාද,කම්කරු ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාද, ප්‍රතිලාබීන්ගේ පවුල් වල සාමාජිකයෝද එක්වුහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *