මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
තිස්සමහාරාමයේ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් පසු පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූවන් මුලින්ම දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තත්ත්වයේ පසු වූ කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.














