ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කන්නූර් ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් මාස 18ක බිළිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දේවන්ෂ් ෂෞර්යා නම් වූ මෙම දරුවා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කුඩා තුවාලයකට ප්‍රතිකාර කිරීම සඳහා ලබාදුන් නිර්වින්දනයකින් අනතුරුවය.
වාර්තා වන පරිදි, පසුගිය ජූලි 5 වැනිදා නිවස අසල සෙල්ලම් කරමින් සිටියදී ඇද වැටීමෙන් දරුවාගේ තොල් ප්‍රදේශයේ තුවාලයක් සිදුවී ඇත. එම තුවාලයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා දෙමව්පියන් ඔහුව පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර, එහිදී නිර්වින්දනය ලබාදීමෙන් පසු දරුවා සිහිසුන් වී තිබේ. අනතුරුව දරුවා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















