දකුණු චීන මුහුදේදී වියට්නාම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී යාමෙන් පුද්ගලයන් 18 දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
සිකුරාදා සවස මෙම අනතුර සිදු වන විට නෞකාවේ වියට්නාම් ජාතිකයන් 62 දෙනෙකු සිට ඇති අතර, මේ වන විට පුද්ගලයන් 44 දෙනෙකු මුදාගෙන තිබේ. අතුරුදහන් වූවන් සෙවීම සඳහා චීන සහ වියට්නාම් බලධාරීන් විසින් නෞකා සහ ගලවා ගැනීමේ හෙලිකොප්ටර් යොදවා පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත.














