27 April 2024
#දේශීය

කොවිඩ් 19 වසංගතය – 9 වෙනි මරණයත් වාර්තා වෙයි

කොවිඩ් 19 වසංගතය හමුවේ  ලංකාවේ වාර්තා වන 9 වන මරණය අද (05) වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්කාවකි.

ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක කාන්තාවක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 755 ක් වන අතර සුවය ලැබු ආසාදිතයින් ගණන 197 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *