27 April 2024
#දේශීය

දුමින්දගේ පොරොන්දුව මත දින 19 ක් තිබු ගොවි උපවාසය අවසන්

තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව දින 19 කට වැඩි කාළයක් උපවාසයේ යෙදුණ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හමුවී තම ඉල්ලීම් සඳහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙසට කළ ඉල්ලීමකින් අනතුරුව ජනාධිපතිවරයා සමඟ සාකච්ජාවක් මෙන්ම ගොවි ගැටලු සඳහා දීර්ඝ කාලීන විසදුම් ලබා දීමට යෝජනා මාලාවක් ඇතුළත් සන්දේශයක් දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්ට භාර කරනු ලැබීය.එම සන්දේශය භාර ගත් දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් කඩිනමින් එම ගැටලු සදහා විසදුම් ලබා දීමට පොරොන්දු විය.

මහවැලි එච් කළාපයේ තඹුත්තේගම කොට්ඨාශයේ ගොවි ජනතාවට බලපා ඇති ගැටලු කීපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් තඹුත්තේගම මහවැලි එච් කළාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය ඉදිරිපිට පසුගිය 24 වැනි දින ගොවි ගෙවිලියන් පිරිසක් උපවාසයක් ආරම්භ කළ අතර,තමන්ගේ යල් කනනයේ හානි වූ වගාවන් සඳහා අක්කරයකට රුපියල් 50 000 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට හා තම වගාවන්ට නිසි පරිදී ජලය ලබා නොදීමට විරෝධය පළ කරමින් ඇතුළු ඉල්ලීම් 10 ක් සම්බන්ධයෙන් ගොවි සංවිධාන 22 ක ගොවි ගෙවිලියන් උපවාසයක් ආරම්භ කරනු ලැබීය.

මෙම විරෝධතාවයට නායකත්වය දුන් ගොවි නායකයින් පිරිසක් මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හමුවීමට පැමිණ දුමින්ද දිසානායක මහතා හමුවී පසුගිය යල කන්නයේ හානි වූ වගාවන්ට රුපියල් 50 000 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසට මෙන්ම, සෑම යල කන්නයේදීම බලපාන ජල ගැටලුවට විසදුම් ලබා දෙන ලෙසට හා වන අලි ගැටලුවට විසදුම් ලබා දෙන ලෙසට, මෙන්ම ජනාධිපතිතුමන් සමඟ සාකච්ජාවක් ලබා දෙන ලෙස ගොවී නායකයින්ගෙන් සැදුම් ලත් කමිටුවක් මගින් ගොවි ගැටලු හා ඒවාට විසදුම් ඇතුළත් යෝජනාවලියකින් එම සන්නස සමන්විත විය.

දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අදාළ නිළධාරීන් සමග සාකච්ජා කර කඩිනමින් විසදුම් ලබා දෙන බවට එහිදී පොරොන්දු විය.

ඒ අනුව අඛණ්ඩව දින 19 කට වැඩි කාළයක් සිදු කළ උපවාසය දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් විශ්වාස කර අත්හරින බව ගොවි නායකයින් පැවසීය.ඒ අනුව අදාළ ගොවි උපවාසය අද (12) නිමාවට පත් කෙරිණි.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *