27 July 2024
#දේශීය

කොවීඩ් – 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක්

‍කොවීඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කිරීම (27) අස්ගිරි මහා විහාර පරිශ්‍රයේදී සිදුවිය.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමියන් වහන්සේ විසින් පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා වෙත මෙම වසංගත තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙත බෙදා දීම සදහා සහල් තොගයක් ද ලබාදුනි.

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කුමුදුණී කරුණාරත්න, මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද එක්ව සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *