• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

19 අහෝසි කර ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

30 August 2020
in දේශීය

රට අවුල් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙන එන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ අද (30)මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ වර්තමානයට ගැලපෙන පරිදි ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලෝකයේ ධනවත් රටවල් ආර්ථික අර්බුදයන්ට මුහුන දෙමින් ජන ජීවිතය අවුල් තත්ත්වයකට පත්ව තිබියදී රටත්, ජනතාවත් ආරක්ෂා කරමින් ආර්ථික ඉලක්ක ජය ගැනීම සදහා ආර්ථිකය නිසි කලමනාකරණයකින් යුතුව මෙහෙයවමින් සිටින බව හෙතෙම පැවසිය. කෙසේ වෙතත් විපක්ෂයේ පිරිස් බලාපොරොත්තු වූයේ කොව්ඩ් දෙවෙනි, තෙවැනි රැල්ලක් පැමින රටේ සියලු කටයුතු අවුල් වී ආණ්ඩුව අපහසුතාවයට පත් වනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නායකත්වය තුළින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කල කැපවීම මත කොවිඩ් වසංගතය දැඩි පාලනයකට ලක් කොට තිබෙන බව ඔහු අනාවරණ කලේය.

රටට නිවරදි නායකත්වයක් මෙන්ම ජනතාව ආදරය කරන නායකයකු අපට ලැබී තිබෙනවා යැයි නිමල් ලාන්සා මහතා පැවසීය.

උපාධිධාරින්ට පත්වීම් ලබාදීම, අඩු ආදායම් ලාභි පවුල් ලක්ෂයකට රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙළ, ගාමීය නිෂ්පාදන නගා සිටුවීම, දේශීය ආර්ථිකය නගා සිටුවීම, අලි මිනිස් ගැටලු වලට විසදුම් සෙවීම, ජාතික මාර්ග පද්ධතිය තුල කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම, අධිවේගී මාර්ග ඉදිකිරීම, දිළිදු පවුල් සදහා නිවාස ඉදිකිරීම ඇතුලු ජනතා ගැටලු රැසකට විසදුම් ලබා දීම උදෙසා වත්මන් රජය කටයුතු කරමින් සිට්න බව නිමල් ලාන්සා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම පතිපත්ති මාලාව අනුව යමින් ඉදිරි වසර පහක කාලය තුල සෑම කේෂ්ත්‍රයකම සංවර්ධනයක් සිදු කෙරෙන බවත් රට ස්වර්ණමය යුගයක් කරා ගෙන යා හැකි නායකයින් දෙපලක් රටේ මුල් පුටු දෙක හොබවමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 10
Previous Post

කොරෝනා වෛරස් පාලනයේදී චීන ජාතියකයින් හැසිමට අගය කරන බව සෞඛ්‍ය ඇමැතිනි පවසයි

Next Post

මානව සම්පත් සංවර්ධනයට චීන රජය සහය පල කරයි

editor

editor

Next Post

මානව සම්පත් සංවර්ධනයට චීන රජය සහය පල කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved