• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මානව සම්පත් සංවර්ධනයට චීන රජය සහය පල කරයි

30 August 2020
in දේශීය

මෙරට ද්විතීය අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සඳහා චීන රජයේ සහාය ලබා දීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වු සාකච්ඡාවක් මහජන චීන සමූහාණ්ඩුවේ වැඩ බලන තානාපති Hu wei මහතා සහ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි එල් පීරිස් මහතා අතර පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇති ක්‍රියා මාර්ග සාර්ථකව ක්‍රියාවට නැංවීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් සඳහා චීන රජයට ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය තුළ ද්විතීක අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් චීන රජයෙන් අපේක්ෂා කරන සහයෝගය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට යෝජිත කාර්මික සහ ආයෝජන කලාපය තුළ ඖෂධ නිෂ්පාදනය සහ ටයර් කර්මාන්තශාලාව ප්‍රමුඛ කොටගත් සංවර්ධන ක්‍රියාමාර්ග වෙනුවෙන් මානව සම්පත් සංවර්ධනය කිරීම සඳහා වන වෘත්තීය නිපුණතා ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

සංවර්ධන ව්‍යාපෘති වේගයෙන් ඉදිරියට ගෙන යාම සඳහා ඉදිකිරීම් සහ සැපයුම් ක්ෂේත්‍රයේ නිපුණතා සංවර්ධනය ද විශේෂයෙන් ම අවශ්‍ය වන බව මෙහිදී පෙන්වා දෙන ලදී. ඒ සඳහා නිපුණතා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දෙපාර්ශවයේම එකඟතාව පළ වූ අතර ඉදිරි මාස කිහිපය තුළ මේ සඳහා කඩිනම් පියවර ගැනීමට ද එකඟත්වය පළ කෙරිණි.

මෙම ක්ෂේත්‍රයන්හි ධනාත්මක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට දෙරට අතර සුහදතාව හා අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කර ගනිමින් කටයුතු කිරීමට තමා තුළ යි මහත් උද්යෝගයක් පවතින බවද චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ සංවාද මගින් තවදුරටත් සාකච්ඡා කිරීමට ද, දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේ නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමටද මෙහිදී එකගත්වය පළ විය.

 

Post Views: 6
Previous Post

19 අහෝසි කර ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

Next Post

ජනතාව බලය දුන්නේ රට එක නීතියක් යටතට ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් – ඇමැති විමල් කියයි

editor

editor

Next Post

ජනතාව බලය දුන්නේ රට එක නීතියක් යටතට ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් - ඇමැති විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved