දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට කැපීපෙනෙන සේවාවක් ඉටුකරන 1990 සුව සැරිය ගිලන් රථ සේවාවේ සේවකයින් පිරිසක් අද දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විශේෂ විරෝධතාවයක නිරත වූහ.
සිය සේවා කොන්දේසි සහ වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවාවක නිරත වුවද තමන් මුහුණ දෙන අභියෝග සහ ඉල්ලීම් බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම මෙම විරෝධතාවයේ අරමුණ බව සේවකයින් පවසයි.
















