• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කළුතර සෞඛ්‍ය සංවර්ධනයට රුපියල් මිලියන 20,000 ක් !

8 January 2019
in සංවර්ධන

පසුගිය වසර 03 තුල කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 120 ක් ක්‍රියාත්මක කර ඇති බවත් එම ව්‍යාපෘතිවල වටිනාකම දල වශයෙන් රුපියල් මිලියන 20,000 ඉක්මව බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය නිවේදනය කළේ කළුතර මහ රෝහලේ සංවර්ධන කටයුතු සදහා පමණක් රුපියල් මිලියන 12,000 ක් පමණ වැය කර ඇති බවයි. එම රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම, නව වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම, ඖෂධ ගබඩා ගොඩනැගිල්ලක් ඉදිකිරිම ඇතුලු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන අතර ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ඉදිරියේ දී විවෘත කිරීමට නියමිතය.

නෙදර්ලන්තයේ ආධාර මත කළුතර මහ රෝහලට අනුයුක්තව ළමා හා මාතෘ රෝහලක් ද ඉදිකෙරෙමින් පවතී. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 4605 කි. මීට අමතරව බේරුවල දිසා රෝහල සදහා ප්‍රධාන ගොඩනැගිල්ලක්, ජල ටැංකියක් ඇතුලු වෛද්‍ය වාට්ටු ද ඉදිකෙරන අතර, අළුත්ගම ග්‍රාමීය රෝහලට නව දෙමහල් වාට්ටු සංකීර්ණයක් ඉදිකරනු ලබයි. දර්ගා නගරයේ රෝහල සදහා මහල් 03 කින් සමන්විත වාට්ටු සංකීර්ණයක් ඇතුලු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත.

මීට අමතරව හොරණ මුලික රෝහල අංග සම්පුර්ණ රෝහලක් ලෙස සංවර්ධනය කෙරෙයි. බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සහ වතු රෝහල් ද සංවර්ධනය කිරිමට පියවර ගෙන ඇත. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 8000 කට අධික වෙයි.

කළුතර දිස්ත්‍රික්කයේ ආරම්භ කර ඇති රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැති අතර, එහිදී මෙම කරුණු අනාවරණය විය. ආරම්භ කර ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

 

Post Views: 16
Previous Post

මේ රටට විධායක ජනාධිපති ක්‍රමයක් සුදුසු නැහැ – ඇමැති රවි කියයි

Next Post

මහින්ද – මෛත‍්‍රී නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීය යුතුයි

editor

editor

Next Post

මහින්ද - මෛත‍්‍රී නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීය යුතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved