• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

20 වෙනි සංශෝධනයෙන් ජනපතිට විශේෂ බලයක් හිමිවන්නේ නැහැ – රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

18 October 2020
in දේශීය

20 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ බලයක් නොලැබෙන බවත් පෙර සිටි ජනාධිපතිවරුන්ටත් වඩා අඩු බලයක් මෙයින් ලැබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “ හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන අයට වඩා අඩු බලයක් තමයි 20 වෙනි සංශෝධනයෙන් ලැබෙන්නෙ. ඒ කියනනේ 19 ට පෙර තිබූ තත්ත්වයමයි. අමුතු බලයක් ලැබෙන්නෙ නැහැ. 19 අහෝසි කරන්න 69 ලක්ෂයක් ජනතාව ජනාධිපතිතුමාට ජන්දය දීලා තියෙනවා. අපි දැක්කනෙ 19 හින්දා එක පැත්තකින් ආර්ථිකය විනාශ වුනා. තව පැත්තකින් රටේ ආරක්ෂාව පිරිහුණා. මහබැංකුව මංකොල්ල කෑවා. අපිට ඕනේ එහෙම ව්‍යවථාවක් නෙමේ. 19 වෙනි සංශෝධනය වෙනස් කරනවා කියලා අපි ජනතාවට පැහැදිලිව කීවා. ජනාධිපතිවරණයේදීත් ජනතාව අනුමැතිය දුන්නා. පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ජනතාව තුනෙන් දෙකක බලයක් එක්ක අනුමැතිය දීලා තියෙනවා. අපි ලබන 22 බ්‍රහස්පතින්දා 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තුනෙන් දෙකක බහුතරය බලයකින් සම්මත කරලා රටේ ජනතාව ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වූ ආර්ථිකය හා අනෙකුත් සංවර්ධනයට බාධාවන දේවල් අයින් කරලා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාව අනුව ජනාධිපතිතුමාට රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය ශක්තිය ලබා දෙනවා වගේම නිලධාරීන්ටත් වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය මින් ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

Post Views: 7
Previous Post

සීමාවාසික වෛද්‍ය නිලධාරීන් 1117 දෙනෙකුට නව පත්වීම්

Next Post

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලයි

editor

editor

Next Post

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved