• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යුද්ධය තුන් වේලට විකුණාගෙන කාපු අය අවුරුදු 20ක් හමුදාවේ දීමනා වැඩි කරලා නෑ

8 March 2019
in දේශීය

ශ්‍රී ලංකාවේ ඇත්තේ ආර්ථික අර්බුදයක් නොව ආර්ථිකය හමුවේ ඇති අභියෝග පමණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඔක්තෝබර් 26 සිදුවීම හේතුවෙන් ආර්ථික අර්බුද පැන නැගුණ බවත් ආණ්ඩුව යළි බලයට පත් වීමෙන් පසු එම අර්බුද සමනයට පියවර ගත් බවත් හෙතෙම පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 2019 අයවැය පිළිබඳ දැනුම්වත් කිරිම සඳහා ඊයේ (07) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය. අමාත්‍යවරයා කියා සිටියේ ‘මෙය මැතිවරණ වර්ෂයක් බව අමුතුවෙන් කිව යුතු නැති බවයි. නමුත් අපි මේ ඉදිරිපත් කළ අය වැයේ ඇති සහන මැතිවරණය ඉලක්ක කරගෙන ලබා දුන් සහන නොවන බවත් අයවැය ගැන වෙනදට කෑ ගහන විපක්ෂය පාර්ලිමේන්තුවේ දි නිහඩව විසිරී ගිය ආකාරය සිටි බවත් ඔවුන්ගෙ ප්‍රතිචාර වගේ ම අයවැය ඉදිරිපත් කරල ගෙවුණ දවස් කිහිපයට ලැබුණ ප්‍රතිචාර ගැන සතුටු බව හෙතෙම පැවසිය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය “ සැබැවින් ම අපි ඉදිරියේ ඇත්තේ ආර්ථික අර්බුදයක් නෙවෙයි. ආර්ථික අභියෝග තමයි තියෙන්නෙ. විශේෂයෙන් ම ඔක්තොබර් 26 පත්වුණ ආණ්ඩුව දින 51ක් තුළ සිදු කළ හානිය යළි සකස් කරන්න අපි කටයුතු කළා. රුපියල ස්ථාවර කර ගන්න පමණක් ඔවුන් ඩොලර් බිලියනයක් පමණ වැය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගෙ ගිවිසුම්වලින් ඉවත් වුණා. පස්සෙ මම වොෂිංන්ටන් නුවරට ගිහින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ප්‍රධානීන් හමුවෙලා සාකච්ඡා කළාට පස්සෙ තමයි ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ.

අපි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 2,500ක දීමනාවක් ලබා දීල තියෙනවා. 2015 දී අපි ආණ්ඩුව භාර ගන්නකොට රාජ්‍ය සේවයේ කාර්යාල කාර්ය සහයකයෙක් ලබා ගත්ත මූලික වැටුප රුපියල් 11,730යි. එය අද වෙද්දි රුපියල් 21,740 දක්වා ඉහළ ගිහින් තියෙනවා. එදා රුපියල් 16,000ක වැටුපක් ලබා ගත්ත ගුරුවරයෙක් අද රුපියල් 29,000ක් ගන්නවා. අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 48,000 සිට 88,000ක දක්වා ඉහළ ගිහින් තියෙනවා. 2015 – 2020 අතර වැඩි වුණ තරම් වැටුපක් රාජ්‍ය සේවයකු ඉතිහාසයේ කවදාවත් වැඩි වෙලා නෑ. 2015ට සාපේක්ෂව 2020 වෙද්දි රාජ්‍ය සේවක මූලික වැටුප 107%කින් ඉහළ ගිහින් තියෙනවා. ඊට අමතරව අයවැයෙන් ප්‍රකාශ කරපු පරිදි ජුලි මාසෙ 01 සිට තවත් රුපියල් 2,500ක් ලැබෙනවා. යුධ හමුදාපතිතුමා එක්ක සාකච්ඡා කරපු අවස්ථාවෙ මට තේරුණා වසර විස්සකින් විතර ඇතැම් දීමනා වැඩි වෙලා නෑ කියල. උදේ දවල් රෑ තුන් වේල යුද්ධය විකුනගෙන කාපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළා හමුදා සාමාජිකයන් ගැන තියල තියෙන්නෙ එහෙමයි. අපි කමාන්ඩෝ දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ දැම්ම. ගෙවල් කුලී දීමනාව 100%කින් ඉහළ දැම්ම. නිල ඇදුම් දීමනාව වැඩි කළා, රණවිරු දීමනාව වැඩි කළා.

උගතුන්ගේ දේශයක් අපි බිහි කළ යුතුයි. ඔවුන්ගේ වරද නිසා නොවෙයි පාලකයන්ගේ වරද නිසා විශ්ව විද්‍යාලවල ඉඩ පහසුකම් නැතිකම නිසා විශ්ව විද්‍යාලට ඇතුළුවෙන්න බැරි වෙන පිරිස වෙනුවෙන් පෞද්ගලික උපාධි ආයතන වෙතින් සිය උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න රුපියල් ලක්ෂ 11ක පොලී සහන ණයක් අපි ලබා දෙනවා. වසර දෙකක සහන කාලයකින් පස්සෙ වසර 15ක් දක්වා මේ ණය ගෙවන්න අවස්ථාව ඔවුන්ට හිමි වෙනවා. ඒ වගේ ම අපි අරමුදලක් බිහි කරනවා උසස් පෙළ ඉහළින් ම සමත්වෙන සිසුන්ට ලෝ ප්‍රකට විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ලබා ගැනීම සඳහා. විෂය ධාරා අනුව ශ්‍රී ලංකාවේ පළමු ස්ථානයට පත්වන දරුවන් පස් දෙනාට වගේ ම පළාත් 9 ප්‍රථම ස්ථානයට පත් වෙන දරුවන් 9 දෙන ඇතුළු 14 දෙනෙකුට මේ අවස්ථාව ලබා දෙන්න අපි මෙවර උසස් පෙළ විභාගත් සමග සූදානම් වෙනවා. අදාළ විශ්ව විද්‍යාල සමග මූලික සාකච්ඡා අපි ආරම්භ කරල තියෙනවා. මේ ආකාරයට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තව දුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන අතර බැංකු නිලධාරීන් සමග මම අදත් කතා කළා ණය ලබා ගැනීමට එන පිරිසට එම ණය ලබා දීමට අවශ්‍ය පහසුකම් සැලසීම ගැන. ණය අයදුම්කරුවෙකුට කුමක් හෝ ගැටලුවක් මතු වුණොත් අපට දැනුම්වත් කරන්න අපි 1925 විශේෂ දුරකතන විවෘත කළා. පැමිණිල්ලක් දිනක් ඇතුළත අමාත්‍යාංශයට වගේ මට ලැබෙනවා. ඒ අනුව අපි කටයුතු කරනවා. ඒ නිසා දැන් දැන් පැමිණිලි ලැබිම අඩු වෙමින් තියෙනවා.

තව දුරටත් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා අපි ජංගම සේවයක් ආරම්භ කරනවා. ණය ලබා ගැනීමට අදාළ රජයේ පාර්ශ්වයන් මේ සේවාව සඳහා සහභාගී කරවාගෙන නව ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීම අපේ අරමුණයි. මෙහි මංගල අදියර මේ මාසෙ 16 – 17 වැලිගමින් ආරම්භ කරනවා.

ගොඩක් දෙනා මම දැකල තියෙනවා මෙන්න බදු ගහනවා කියල කෑ ගහනවා. ශ්‍රී ලංකාව කියන්නෙ අඩුම බදු ගන්න රටක්. ඒ වගේ ම තොටිල්ලේ ඉඳල මරණ මංචකය දක්වා රජයේ වියදමෙන් සහන දෙන රටක් මේ. සෞඛ්‍ය නොමිලේ, අධ්‍යාපනය නොමිලේ. රටේ ඉන්නව මිලියන 22ක ජනතාවක් බදු ගොනු තියෙන්නෙ 246000යි. මේ මට්ටම ලක්ෂ 10 දක්වා වත් වැඩි කළ යුතුයි. බදුවලින් 82%ක් තියෙන්නෙ වක්‍ර බදු. ඒ නිසා මේ බදු පදනම පුළුල් කළ යුතුයි. බදු කියන්නෙ සමාජ වගකීමක්.

මෙම මාධ්‍ය හමුවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විමලේන්ද්‍ර රාජා සහ බදු උපදේශිකා තනුජා පෙරේරා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

 

Post Views: 7
Previous Post

කිරි බොනකොට විතරක් නෙමෙයි දත් මදිනකොටත් රුපියල අවප්‍රමාණය වෙනවා

Next Post

කාන්තාවන්ට වෙන්වු දුම්රිය මැදිරි සේවාව අද සිට

editor

editor

Next Post

කාන්තාවන්ට වෙන්වු දුම්රිය මැදිරි සේවාව අද සිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved