• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ මහනගර සභාවේ එන්නත්කරණ වැඩසටහනට පෝට්සිටි වෙතින් ලැප්ටොප් පරිගණක 20 ක්

22 June 2021
in දේශීය

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ COVID-19 එන්නත්කරණ මධ්‍යස්ථාන වල භාවිතය සඳහා ලැප්ටොප් පරිගණක 20 ක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය (Port City Colombo) පසුගියදා කටයුතු කළේ ය.

සී.එච්.ඊ.සී. පෝට් සිටි කලම්බු (CHEC Port City Colombo) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං මහතා විසින්, පසුගිය 17 වන දා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය වෙත මෙම ලැප්ටොප් පරිගණක තොගය මහනගර සභා පරිශ්‍රයේදී භාරදෙන ලදි.

මුළු රටම COVID-19 වසංගතයට එරෙහිව සටන් වදිමින් සිටින අවස්ථාවක ඊට සහය වෙමින් කොළඹ වරාය නගරය විසින් සිදුකරන ලද මෙම පරිත්‍යාගය නගරාධිපතිනියගේ නොමඳ ප්‍රශංසාවට ලක්විය. ඇය පෙන්වා දුන්නේ මෙම ලැප්ටොප් පරිගණක, එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින නිලධාරීන්ගේ රාජකාරි සඳහා අත්‍යවශ්‍ය උපාංගයක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ජියැං හවුලියැං මහතා, පසුගිය අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ ශ්‍රී ලාංකික හා චීන ජාතික සේවක සේවිකාවන් සඳහා COVID-19 එන්නත ලබාදීමේදී දක්වන ලද සහයෝගය වෙනුවෙන් නගරාධිපතිනියට හා ඇයගේ කාර්ය මණ්ඩලයට සිය ස්තූතිය පළකළේ ය.

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතාද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මේ වනවිට කොළඹ මහනගර සභා බල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි, සයිනෝෆාම් එන්නත භාවිතා කරමින් එන්නත්කරණය සිදුවන බව ඒ මහතා පැවසී ය. එන්නත්කරණ මධ්‍යස්ථාන තුළදී දත්ත එකතු කිරීමේ ක්‍රියාවලිය අතිශය වැදගත් බවත්, මෙම පරිගණක මගින් එම ක්‍රියාවලිය වඩාත් පහසු වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

කොළඹ මහනගර සභා නාගරික කොමසාරිස් රොෂානි දිසානායක, කොළඹ වරාය නගරයේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත්, සහ එහි කළමනාකරු (දේපළ සංවර්ධන) ශාලක විජයරත්න යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.

Post Views: 13
Previous Post

පොහොට්ටුවේ සුළු පක්ෂට වගේම නිදහස් පක්ෂයේ අයටත් කැපිලි !

Next Post

රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට දිවුරුම් දෙයි

editor

editor

Next Post

රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved