27 April 2024
#සංවර්ධන

ළිං ප්‍රතිස්කරණයට මිලියන 200 ක් – ඇමැති දුමින්ද කියයි 

පවතින දැඩි නියඟය හේතුවෙන් විනාශ වන  වගාවන් බේරා ගැනීමට හා ජනතාවගෙග් පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ඇති වගා ලිං හා පානීය ජලය සපයා ගන්නා ලිං  ප්‍රථිසංස්කරණය  හා  අලුතින් ඉදි කිරීමට රුපියල් මිලියන 200 ක් රජය වෙන් කර ඇතැයි වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. 

අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකදී මේ බව පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම එළි දැක්වීම හා පවතින ආපදාවන්ට මුහුණ දීම පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් හා ආපදා සහන සේවා නිළධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ජාව පැවැත්විණි.

නියඟයට ඔරොත්තු දෙන ලෙස පොදු පානීය ලිං ඉදි කිරීම හා ප්‍රථිසංස්කරණය, සිදී ඇති වගා ලිං ඉදි කිරීම හා  ප්‍රථිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *