27 April 2024
#දේශීය

නඩුවලදී විනිසුරුවන් මාරු වෙන්නේ ඇයි කියලා දන්නේ නෑ – ගෝඨාභය කියයි

අධිකරණයේ විභාගවන තමාගේ නඩු වලදී විනිසුරුවන් මාරු වන හේතුව තමා නොදන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද(29) පෙරවරුවේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ මිහින් ලංකා ආයතනවල අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.

තමා වාරණ නියෝග ලබා ගන්නේ පුරවැසියෙකුගේ තිබෙන අයිතිවාසිකමක් බවද හෙතෙම කියා සිටියේය. තවද ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වනවානම් ජනාධිපතිවරයා කවුරු වුවත් ප්‍රශ්ණයක් නොමැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *