• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2015 දී අපිව විශ්වාස කළ ජනතාවට සවන් දියයුතුයි – ඇමැති රවි කියයි

18 March 2019
in දේශීය

 

අපේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් රටේ අනාගතය, ජනතාවගේ සුභසිද්ධීය වෙනුවෙන් නව දේශපාලන සංස්කෘතියක් හදුන්වාදී තිබෙන්නේ ජනතාවගේත්, රටේත් සුබසිද්ධිය වෙනුවෙන්” බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගිය දින යාපනය යූනියන් පාසලේ නව ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. 2017 වර්ෂයේදී මෙම ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබන ලද අතර, ඒ සඳහා මිලියන 55ක් වැය වන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, ” අපි 2015 දී මැතිවරණයට එද්දි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පොරොන්දු වුණා. ජනතාව අපිව විශ්වාස කළා. අද අපි ඒ ජනතාවට සවන් දියයුතුයි. අපේ පොරොන්දුව ඉටුකල යුතුයි. මම සතුටු වෙනවා දෙමල ජාතික සංධානයත් අපේ මතයට එකගවීම පිළිබදව. අපිට දේශපාලඥයින් අවශ්‍යයි. නමුත් සැබෑ දේශපාලඥයින් සිතිය යුත්තේ රටේ අනාගතය ගැන මිසක්, ඉදිරි මැතිවරණයක් ගැන නොවෙයි. සැබෑ දේශපාලඥයෙක්ගේ වෙනස මේකයි. මේ රටේ මෙන්ම ආර්ථිකයේ සැබෑ වෙනසක්, රැඩිකල් වෙනසක් ඇතිකළ යුතු කාලය දැන් එළඹිලා. නැවුම් ආකාරයෙන් සිතිය යුතු කාලය දැන් එළඹිලා. ශක්තිමත්ව සිතිය යුතු කාලය එළඹිලා. අපිට දැන් අවස්ථාවක් උදා වෙලා තිබෙන්නේ . අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි. මේ රටේ ජීවත්වන දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සෑම ජාතියකටම, සෑම ආගමක් අදහන කෙනෙකුටම මේක මගේ රට යන හැගීමෙන් කටයුතු කළ හැකි තත්ත්වයක් උදාකළ යුතුයි. මේ ප්‍රදේශයේ පවතින විදුලි ගැටළු විසදාදීමටත්, ජනතාවගේ විදුලි අවශ්‍යතා සියල්ල හැකි ඉක්මණින් සපුරාලීමට කටයුතු කරන්න මම පොරොන්දු වෙනවා” අමාත්‍යවරයා පැවසිය.

Post Views: 6
Previous Post

අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම අද එළිදැක්වයි

Next Post

මේ ආණ්ඩුව උපාධිධාරියාව තවත් හෑල්ලුවට ලක් කරනවා – සභාපති උපතිස්ස කියයි

editor

editor

Next Post

මේ ආණ්ඩුව උපාධිධාරියාව තවත් හෑල්ලුවට ලක් කරනවා - සභාපති උපතිස්ස කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved