27 April 2024
#දේශීය

2019 දී රාජපක්ෂ පවුල්වාදය බිමට දානවා – ඇමැති පාඨලි කියයි

2019 අග දී මේ රට වෙලා තිබෙන රාජපක්ෂ පවුල් වාදය බිමට හෙලන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය නායකත්වය පියාගෙන් පුතාට හිමිවන සංස්කෘතිය වෙනස්කළ යුතුබවයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ රාජපක්ෂ පවුල්වාදය බිමට තැනිතලා කර දමන බවයි.

වත්මත් රජය ඉතාමත් ස්ථාවර තත්ත්වයකින් පවතින බවත් එළඹෙ ජනාධිපතිවරණයෙදි නිසැකවම තම පාර්ශවයෙන් ජනාධීපතිවරයෙකු පත් කර ගන්නා බවත් ඒ සම්බ්ධයෙන් ඉදිරියේදි කරුණූ හෙළී කරන බවත් අමාත්‍යවරයා පවසයි.

තවද කුසලතාවය මත පදනම්ව තනතුරු තබා දීමට කටයුතු කරන ක්‍රමවේදයක් රට තුල ගොඩ නගන බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *