• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2019 වසර සඳහා සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ලබාදීම ක්‍රියාත්මකයි

4 April 2019
in සංවර්ධන

සුරක්ෂා රක්ෂණය 2019 වසර සදහා ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ඊයේ (03) අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ මහතාත් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා සුරේඛා අලස් මහත්මියත් එම ගිවිසුමට අත්සන් තබා ඇත.

2018 වසරේ දෙසැම්බර් පළමුවන දින සිට 2019 නොවැම්බර් 30 දින දක්වා සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ ගෙවීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය ඒ අනුව, ගිවිසුම් ප්‍රකාර ව එකඟතාව පළ කළේය. පසුගිය වසරේ දී සුරක්ෂා රක්ෂණය ලබා දීමේ දී ලද අත්දැකීම් සහ හඳුනාගත් කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම අනුව වැඩි ප්‍රතිලාභ සිසුන්ට හිමිවන පරිදි මෙවර අදාළ රක්ෂණ ආයතනය සමඟ ගිවිසුමට එළඹීම සිදුවුණා.

සුරක්ෂා රක්ෂණාවරණය සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු රක්ෂණාවරණය, ජීවිතාරක්ෂණය ලෙස රක්ෂණාවරණ තුනකින් සමන්විත ව ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය රක්ෂණාවරණය යටතේ පෞද්ගලික හෝ රජයේ රෝහල්ගතවීම සදහා රුපියල් 200,000/ක් ද, බාහිර ප්‍රතිකාර සදහා රුපියල් 200,000ක් ද, අසාධ්‍ය රෝග ආවරණය සදහා රු 200,000 සිට අවශ්‍යතා ව සදහා වන මුදල ද, හිමිකම් ලෙස පවතියි. (රජයේ රෝහල්ගතවන දිනක් සදහා රු 3000/ක් හිමිවනවා). හදිසි අනතුරු රක්ෂණාවරණය යට‍තේ පූර්ණ අකර්මණ්‍යතාවක් සදහා රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක් සදහා රු 150,000 සිට රු 200,000ක මුදලක් දක්වා ද, හිමිකම් ලබයි.

ජීවිතාරක්ෂණය යටතේ ස්වභාවික හෝ හදිසි අනතුරු විපත් යන දෙකම ආවරණය වන අතර, දෙමාපිය මරණයක දී එක් අයෙකු සහා රු 200,000ක් ද, සිසු වියෝවක දී අවමංගල්‍ය සහන ලෙස රු 150,000ක් ද හිමිවෙනවා. පවුලේ පාසල් යන සියලු ම ළමයින් ට මව්පිය මියයාමක දී ප්‍රතිලාභ ලබාගත හැකියි.

රජයේ පාසල්වල සිසුදරුවන්ට ද, පෞද්ගලික පාසල්, විශේෂ උපකෘත පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම ශ්‍රී ලාංකික සිසුදරුවන්ට ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කරමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීම සිදුකෙරෙනවා. මේ යටතේ සෑම පාසල් දරුවකු සඳහා ම රුපියල් ලක්ෂ දහසකට අධික රක්ෂණාවරණ අවස්ථා හිමිවන අතර ලක්ෂ 45 කට ආසන්න සිසුන් පිරිසක් මේ යටතේ ආවරණය වනවා. 2017 ඔක්තෝම්බර් 01 වන දා සිට “සදා සුරකිමු – දැයේ දරුවන්” තේමා කරගනිමින් සුරක්ෂා රක්ෂණාවරණය පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මකව පවතිනවා.

Post Views: 7
Previous Post

දැනුම් හා තාක්ෂණ අධ්‍යාපනය ඉදිරියට….. අගමැති කියයි !

Next Post

හානිපුර්ණ කාර්යාල සාමාජිකයින් කථානායක හමුවෙයි

editor

editor

Next Post

හානිපුර්ණ කාර්යාල සාමාජිකයින් කථානායක හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved