27 July 2024
#ව්‍යාපාර

කන්ස්ට්‍රක්ට් 2019 නිල වශයෙන් එළිදක්වයි

ශ්‍රී ලංකීය ඉදිකිරීම් කේෂ්ත්‍රයේ නිම්වළලු පුළුල් කරමින් පුරා 19 වන වසරට සනිටුහන් කරමින් එලිදැක්වෙන කන්සට්‍රක්ට් 2019 ප්‍රදර්ශනය කොළඹ BMICH ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශව ශාලාවේ ලබන අගෝස්තු මස 23 සිට 25 වනදා සාර්ථක ලෙස පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලාංකා ජාතික ඉදිකිරීම් සංගමය ( NCASL ) විසින් සංවිධානය කරනු ලබන “කන්සට්‍රක්ට් ” ඉදිකිරීම් ප්‍රදර්ශනයේ 2019 වසරේ නිල වශයෙන් එළිදැක්වීම, කොළඹ Cinnamon Grand හෝටල් පරිශ්‍රයේදී පසුගිය ජුනි මස 11 වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වුයේ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාය.

උත්සව සභාව ඇමතු ශ්‍රී ලාංකා ජාතික ඉදිකිරීම් සාංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා කියා සිටියේ කන්සට්‍රක්ට් 2019 ප්‍රදර්ශනය ඉදිකිරීම් කේෂ්ත්‍රයේ නව යුගයක පෙරනිමිති සනිටුහන් කිරීමක් බවයි.

මෙවර ප්‍රදර්ශනය සඳහා Platinum අනුග්‍රාහක දායකත්වය Alumex ආයතනය දරනු ලබන අතර Mascon සමුඛ ව්‍යාපාරය Gold අනුග්‍රාහකත්වය දක්වනු ඇත.

Nippon Paints ආයතනය Silver අනුග්‍රාහකත්වය දරන අතර Bronze අනුග්‍රාහකත්වය දරනු ලබන්නේ Elcardo සමාගමයි.

LexDuco ආයතනය නිල ඉදිකිරීම් සහකරු වන අතර Home Land Skyline පුද්ගලික සමාගම නිල දේපල වෙලෙඳාම් සහකරු වේ. මෙවර ප්‍රදර්ශනයේ නිල බැංකුව ලෙස සෙලාන් බැංකුව කටයුතු කරනු ඇත.

මෙහි වැඩි විසතර www.constructexhibition.com web අඩවිය ඔස්සේ ලබා ගත හැකිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *