• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2021-2024 ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ නිලවරණය පවත්වයි

30 June 2021
in ක්‍රීඩා

ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ 2021-2024 කාලපරිච්චේදය සදහා නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය පසුගියදා වයික්කාල රිවෝරිච් (RIVORICH) හෝටලයේ දී සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමය කරමින් පැවැත්විණි.

අනුබද්ධිත ටයිකොන්ඩෝ දිස්ත‍්‍රික් සංගම් සහ ව්‍යවස්ථාපිත ටයිකොන්ඩෝ සංගම් නියෝජනය කරමින් ඡන්දය ප‍්‍රකාශ කිරීමට හිමිකම් ඇති නියෝජිතයන් තිස් දෙදෙනා (32) අතරින් නියෝජිතයන් විසි දෙදෙනෙක් (22) මෙම නිලවරණයට සහභාගි වූහ.

මෙහි දී ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති, උප සභාපති, ප‍්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික, සහකාර භාණ්ඩාගාරික යන තනතුරු සඳහා නිතරගයෙන් නිලධාරීන් තේරී පත් වූ අතර, ඡන්දය විමසීම අවශ්‍ය වූයේ සහකාර ලේකම් තනතුරට සහ කමිටු සාමාජික තනතුරු වලට පමණි.

ඒ අනුව මෙවර පැවැති නිලවරණයේ දී ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිධූරය සඳහා චමින්ද පුංචිහේවා මහතාත්, උප සභාපති ධූරයන් සඳහා සබරගමුව පලාත් සභාවේ සභාපති ගරු කංචන ජයරත්න මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසාද් සුභසිංහ මහතාත් පත්වූහ. සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ධූරය සඳහා රුවන් සම්පත් අලහකෝන් මහතාත්, භාණ්ඩාගාරික ධූරය හා සහකාර භාණ්ඩාගාරික ධූරය සඳහා පිළිවෙලින් සී.පී ප්‍රනාන්දු සහ එච්.කරුණාරත්න යන මහත්වරුනුත් නිතරඟයෙන් තේරී පත් වූහ.

නිලවරණයට සහභාගි වූ සියලු ම නියෝජිතයන්ගේ ඡන්ද (එනම් ඡන්ද 22ක්) ලබාගනිමින් සහකාර ලේකම් තනතුරට දීපිකා ස්වර්ණමාලි වැහිගල්දෙණිය මෙනවිය තේරී පත්විය. කමිටු සාමාජිකයන් වශයෙන් එම්.එම්. ජයන්ත මහතා හා ආර්.එම්.චානක ඉන්ද්‍රලාල් යන මහත්වරුන් ඡන්ද 22 බැගින් ද,ඩි.පී.රුවන් නිශ්ශංක මහතා ඡන්ද 21ක් ද, මේජර් නාලින්ද රත්නායක මහතා ඡන්ද 20ක් ද, එච්.එස්.පී.ප‍්‍රනාන්දු මහතා ඡන්ද 16ක් ද ලබා ගනිමින් තේරී පත් වූ අතර, කමිටු සාමාජික කාන්තා නියෝජනය සදහා සරණී ගයත‍්‍රි ගොඩමුණේ මෙනවිය ඡන්ද 22 ම ලබා ගනිමින් තේරී පත් විය.

ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ ගණනාවක හිටපු ලේකම්වරයෙකු හැටියටත්, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හැටියටත් කටයුතු කළ නීතීඥ එස්. විරිතමුල්ල මහතාගේ සභාපතිත්වයෙන් ද, ශ‍්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් විශ‍්‍රාමික නාවික හමුදා කමාන්ඩර් එච්.යූ සිල්වා සහ විශ‍්‍රාමික පළාත් ක‍්‍රීඩා අධ්‍යක්ෂ පාලිත ජයතිලක මහතුන්ගේ සමාජිකත්වයෙන් ද වූ නිලවරණ කමිටුවේ මෙහෙයවීමෙන් මෙම නිලවරණය පවත්වන ලදී. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයා වශයෙන් නිලවරණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ටයිකොන්ඩෝ ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී චමින්ද ජයවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගි විය.

 

Post Views: 14
Previous Post

ගෝඨාගේ ආණ්ඩුව ජනතාවගේ අප්‍රසාදයට හා විරෝධයට පත් වෙලා ඉවරයි – අනුර දිසානායක

Next Post

බැසිල් දක්ෂයෙක් බව ඇමැති මහින්ද කියයි

editor

editor

Next Post

බැසිල් දක්ෂයෙක් බව ඇමැති මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved